තිස් වසරක් පුරා පැවති යුද්ධය විජයග‍්‍රහණයකර අදට වසර 11 යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

තිස් වසරක් පුරා පැවති යුද්ධය විජයග‍්‍රහණයකර අදට වසර 11 යි

 තිස් වසරක් පුරා පැවති යුද්ධය විජයග‍්‍රහණයකර අදට වසර 11 යි

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙනවා.

 

ඒ අනුව 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හෙට (19) පස්වරු 04.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

යුද, නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කොට රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් එහිදී ජාතියේ උපහාරය පිරිනැමීමට නියමිතයි. 

 

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගතව මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම, රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරනු ලබනවා. ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ ලගම ඥාතීන් එක්වීමට නියමිතයි. 

 

ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපවීම් කළ යුද්ධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් 23,962 දෙනෙකු, නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් 1,160 දෙනෙකු, ගුවන් හමුදාවේ වීරෝධාර රණවිරුවන් 440 දෙනෙකු සහ පොලීසියේ විරුවන් 2,598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ විරුවන් 456 දෙනෙකු, හෙට පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමේදී ගෞරවයෙන් සිහිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

 

views

733 Views

Comments

arrow-up