රැස්වීම් වල මීටරයේ දුර නෙවෙයි සෙන්ටිමීටරයේ දුරක්වත් නෑ – කැෆේ සංවිධානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
06

රැස්වීම් වල මීටරයේ දුර නෙවෙයි සෙන්ටිමීටරයේ දුරක්වත් නෑ – කැෆේ සංවිධානය

රැස්වීම් වල මීටරයේ දුර නෙවෙයි සෙන්ටිමීටරයේ දුරක්වත් නෑ – කැෆේ සංවිධානය

බොහෝ දේශපාලන පක්ෂ සිය මැතිවරණ රැස්වීම් වලදී මීටරයේ දුර නොව සෙන්ටිමීටරයේ දුරක්වත් තබා නොගන්නා බව කැෆේ සංවිධානය පවසයි.

 

කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ පවතින සෞඛ්‍යමය තත්ත්වය හේතුකොටගෙන ආරක්ෂිත ලෙස මුහුණ  ආවරණ පැළඳ මීටරයක දුරින් ජනතාව රැස්කර මැතිවරණ ව්‍යාපාර කළ යුතු බවට සඳහන් වුවද බෝහෝ  අපේක්ෂකයින් මෙම නිර්දේශ මායිම් නොකර පුරුදු පරිදි සිය මැතිවරණ කටයුතු පවත්වාගෙන යමින් සිටින බවයි.

 

කොරෝනා රෝග ව්‍යාප්තිය යම් මට්ටමින් පාලනය වුවද ජනතාවගේ නොසැලකිල්ල මත යළි දරුණු වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බවත්, එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සියලු දෙනාගේම  වගකීමක් බවත් ඇය පෙන්වා දෙයි.

 

මෙම ආරක්ෂිත සමයේ කටයුතු කළ යුතු ආකාරය  පිළිබඳ පක්ෂ මට්ටමින් සිය ආධාරකරුවන් දැනුවත් කළ යුතු වුව ද එවැනි විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැති බවත් ඇය පෙන්වා දෙයි.

 

මැතිවරණ ව්‍යාපාරය යනු  ජනයා ඒකාරාශි වන, පුළුල් ක්‍රියාවලියක් වන අතර එම අවස්ථාවලදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම සැබෑ ජන හිතකාමී පක්ෂ සහ අපේක්ෂකයින්ගේ වගකීමක් වන බව ඇය සඳහන් කරයි. මැතිවරණ කටයුතු සඳහා ජනතාව යොදා ගැනීමේදී සෞඛ්‍ය සම්පන්න වීම ජනතාව මත පටවා අත් පිසදා ගැනීම එම දේශපාලන පක්ෂ වලට සහ ආධාරකරුවන්ට නොහැකි බවද ආරියවංශ මහත්මිය සඳහන් කරයි.

 

මේ ආකාරයට ජනතාවගේ ආරක්ෂාව ගැන නොසිතා තම ජයග්‍රහණය පිළිබඳව පමණක් සිතා කටයුතු කරන අපේක්ෂකයින්ට  කතිරයෙන් නිසි පිළිතුරු ලබා දීමට ජනතාවට ස්වර්ණමය අවස්ථාවක් හිමිව ඇති බවද ආරියවංශ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි

 

views

798 Views

Comments

arrow-up