අගමැතිතුමා මහා දිග හෑල්ලක් කියලා කරුණා අම්මාන්ව සුද්ද කරන්න හදනවා - සජිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

අගමැතිතුමා මහා දිග හෑල්ලක් කියලා කරුණා අම්මාන්ව සුද්ද කරන්න හදනවා - සජිත්

අගමැතිතුමා මහා දිග හෑල්ලක් කියලා කරුණා අම්මාන්ව සුද්ද කරන්න හදනවා - සජිත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ නායක කරුණා අම්මාන්ව පිරිසිදු කිරීමට උත්සාහ දරා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. 

 

"රටේ ගරු අග්‍රාමාත්‍යතුමා බොහෝම දීර්ඝ නිවේදනයක් නිකුත් කරලා ඒ නිවේදනය අවසානයේ කරුණා අම්මාන්ව පිරිසිදු කිරීමට උත්සාහ දරනවා. මේ රටේ අග්‍රාමාත්‍යතුමාට තේරෙන්නෙ නැද්ද කරුණා කරපු බරපතළ ප්‍රකාශය ? 

 

කරුණාත් එක්ක සාකච්ඡා කරනවා ඇයි කරුණා ඔයා ඡන්දෙ ඉල්ලන්නෙ, ඇයි ඡන්දෙ ඉල්ලන්න කරදර වෙන්නෙ ? මම මගේ පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දෙන්නම් කියලා. දැන් අද දවසෙත් මහා දිග හෑල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මහා දිග හෑල්ල අවසන් වෙනකොට මොකක්ද කියන්නෙ ? ඔය සුළු සුළු ප්‍රකාශ මත මැතිවරණය පිළිබඳ තීන්දු ගන්න එපාය කියලා. 

 

මට පුදුමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කරුණා අම්මාන්ගේ ඒ ප්‍රකාශය, මේ රටේ හමුදාවේ 3000ක් එක දවසෙන් මැරුවායි කියන ප්‍රකාශය සුළුපටු කොට සලකන එක. කරුණාකරලා කරුණාට දයාව අනුකම්පාව දැක්වීමෙන් වළකින්න. මේ රජය මේ කරුණා වන්දනාව තුළින් කරලා තියෙන්නෙ රට දැය බේරාගත්තු රණවිරුවන්ට කරපු ලොකුම නිග්‍රහය. 

 

නව රජයක් පිහිටුවලා, අපට ඒ බලය ලැබුණාම බොරු රඟපෑම් නෙවෙයි 3000ක් මේ රටේ හමුදාවේ මැරුවැයි කියපු එකට අදාළව කරුණාව නීතිය හමුවට අපි ගෙන එනවා කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පිළියන්දල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. 

 

 

 

views

745 Views

Comments

arrow-up