වියත්මගෙන් ආරම්භක සාමාජිකාව ඕෂධීවත් හළලා ! - ඡන්දෙට එවන්නේ 9යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

වියත්මගෙන් ආරම්භක සාමාජිකාව ඕෂධීවත් හළලා ! - ඡන්දෙට එවන්නේ 9යි

වියත්මගෙන් ආරම්භක සාමාජිකාව ඕෂධීවත් හළලා !  -  ඡන්දෙට එවන්නේ 9යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් බිහිකෙරුණු වියත්මග සංවිධානය විසින් මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් නිල වශයෙන් නම්කර තිබේ. 

 

එම සංවිධානයෙහි නිල ෆේස්බුක් පිටුවෙහි දක්වා ඇත්තේ එම සංවිධානයෙහි විධායක සභිකයින් තිදෙනෙක්, දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් තිදෙනෙක් සහ සාමාජිකයින් තිදෙනෙක් පමණක් මහමැතිවරණයට එම සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින බවයි. 

 

ඊට අමතරව තවත් විධායක සභිකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කර ඇති බව ද එම සටහනෙහි දැක්වේ. 

 

කෙසේවෙතත් තමන් වියත්මග සංවිධානයෙහි ආරම්භක සාමාජිකයින් දසදෙනා අතරින් එක් අයෙකු බව කියමින් මැතිවරණ සටන ඇරඹූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මියගේ නම එම සටහනෙහි සඳහන්ව නැත. 

 

 

views

1032 Views

Comments

arrow-up