ජනපති නියෝග නොතකා පත්කළ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
31

ජනපති නියෝග නොතකා පත්කළ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු ඉවතට

ජනපති නියෝග නොතකා පත්කළ ක්‍රියාකාරී  අධ්‍යක්ෂකවරු ඉවතට

ජනාධිපති කාර්යාලයේ නියෝගය නොතකා රාජ්‍ය ආයතන සඳහා මේ වන විට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු පත්කර ඇත්නම් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය, අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

 


සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් කිරීම තහනම් කරමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර පසුගිය 13 වැනිදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.

 

 

එම චක්‍රලේඛය සහ බැඳෙමින් මුදල් අමාත්‍යාංශය පෙරේදා (29 වැනිදා) තවත් චක්‍රලේඛයක් අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමුකර ඇත.

 

එම චක්‍රලේඛයේද දැක්වෙන්නේ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් පමණක් හිමිවන බවයි. එක් නිල රථයක් සහ ඉන්ධන ලීටර් 150 ක් පමණක් සභාපතිවරුන්ට හිමිවෙයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට රුපියල් 25,000 ක දීමනාවක් පමණක් හිමිවන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

 


රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන් කළමනාකරණය කරන ලෙසත්, නව බඳවා ගැනීම් සිදු නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

 

 

ඉන්ධන, විදුලිය, සන්නිවේදනය, ප්‍රවාහනය යන ක්ෂේත්‍ර විශේෂ පාලනයකට ලක් කරන ලෙසද මුදල් අමාත්‍යාංශ ලේකම් එන්. ආර්. ආටිගල අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.

 

views

2747 Views

Comments

arrow-up