එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද(09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වෙයි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පස්වරු 3.00ට එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
එහෙදී පෙරමුණක් ලෙස සියලු දෙනා එකතු කර ගනිමින් එහි නායකත්වය පිළිබඳව ද අවධානය යොමු වෙනු ඇතැයි හෙට්ටිආරච්චි මහතා මෙහිදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා වශයෙන් මෙම මැතිවරණය මෙහෙයවනු ලබන්නේ ද එසේත් නොමැති නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සන්ධානයේ නායකත්වයට යා යුතු යන්න පිළිබඳව ද මෙහිදී කථා කිරීමට නියමිත බව ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම රංජන් රාමනායක මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසු විජේපාල හෙට්ටිආරච්චි මහතා, ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ගැන ද මෙහිදී අවධානය යොමු වෙනු ඇතැයි ද පැවසීය.
660 Views
Comments