නව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

නව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුවයි

නව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුවයි

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, නව අමාත්‍යවරුන් දිවුරුම්දීමත් සමග එම පියවර ගත් බවයි.

 

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පනවනු ඇති.

 

මේ අතර ලබන සදුදා දිවුරුම්දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අනුව ආණ්ඩු පක්ෂයේ සෙසු ආසන පැනවීමට නියමිත බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

 

විපක්ෂයේ අසුන් පැනවීමේදී ද පක්ෂ ජ්‍යෙෂ්ඨත්වය අනුව එම කටයුතු සිදුවනවා. පාර්ලිමේන්තුව ලබන 03 වනදා රැස් වීමට නියමිතයි.

views

606 Views

Comments

arrow-up