කොළඹට නිකරුනේ එන්න එපා – හමුදාපතිගේ දැනුම් දීමක්

කොළඹ නගරයට පැමිණීම හැකි තාක් අවම කරන ලෙස යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි.
බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කෙරුණා.
කෙසේවෙතත්, දිස්ති‍්‍රක් අතර ගමනාගමනයෙන් පවා තවදුරටත් වැළකී සිටිය යුතු බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.
ඇඳීරි නීතිය පනවා තිබීමෙන් පමණක් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම ඉතා අපහසු බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව ජනතාවට ද මෙම අවස්ථාවේ වැඩි වගකීමක් පැනවෙන බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
803 Views
Comments