දේශපාලන බලය පෙන්වා ඉඩම් මංකොල්ලකන පිරිස ගැන විමර්ෂණ CIDයට භාර දෙන්නැයි නීතිපති ගෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

දේශපාලන බලය පෙන්වා ඉඩම් මංකොල්ලකන පිරිස ගැන විමර්ෂණ CIDයට භාර දෙන්නැයි නීතිපති ගෙන් උපදෙස්

දේශපාලන බලය පෙන්වා ඉඩම් මංකොල්ලකන පිරිස ගැන විමර්ෂණ CIDයට භාර දෙන්නැයි නීතිපති ගෙන් උපදෙස්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම් දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් පවරාගෙන හොර ඔප්පු සාදා විකිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ජාල ඔස්සේ හුවමාරුවන වීඩියෝව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

 

වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී දින 07ක් ඇතුලත ප්‍රගතිය දැනුම් දෙන ලෙසයි.

 

මෙලෙස දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කොට ගෙන හොර ඔප්පු සාදා විකිණීමේ ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇත්තේ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් බවයි වාරත් වන්නේ.

 

මෙම සිදු වීම සම්බන්දයෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයද තම twitter ගිනුමේද සටහනක් තබා තිබුනා

 

 

views

841 Views

Comments

arrow-up