ජනාධිපතිගේ කොවිඩ් අරමුදලට මොකද වුණේ? මන්ත්‍රී සාගර කාරියවසම් අරමුදලට වෙච්ච දේ කියයි (VIDEO)

විපක්ෂය විසින් කොවිඩ් 19 අරමුදලට සිදුවුණ දේ සම්බන්ධයෙන් විවිධ කරුණු මතුකරමින් තිබෙන පසුබිමක අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කරුණු දක්වමින් පැවසුවේ පසුගිය මාර්තු 20 දා සිට ඔක්තෝම්බර් 29 දා වන විට විවිධ පරිත්‍යාගශීලින් විසින් ඊට රු. මිලියන 1675ක අරමුදල් ලබා දී ඇති බවයි.
ඒ අනුව PCR යන්ත්‍ර මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රු.මිලියන 100ක්,ජනතාව දැනුවත් කිරීම හා විවිධ ව්‍යාපෘති සඳහා තවත් රු. මිලියන 100ක්,කොවිඩ් 19 මර්දන කටයුතු සිදුකරන රෝහල් නඩත්තුව සඳහා රු. මිලියන 87ක්,මඩකලපුව රෝහලේ රසායනාගාරය වැඩිදියුණු කිරීම සඳහා රු.මිලියන 100ක් සහ තවත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදලින් මුදල් වියදම් කර ඇති බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.
එම සියලු කටයුතු කමිටුවක් හරහා සිදුකරන අතර එය මහ බැංකු අධිපති,සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්,ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් නියෝජනය කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. තවද එම ගිණුම විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් බවද හෙතෙම අවධාරණය කරන ලදී.
730 Views
Comments