මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් 39ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් 39ක්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන්  තවත් ආසාදිතයන් 39ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 39ක් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව  යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 26 දෙනා ඇගළුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

 

අද දිනයේ සවස 6.30 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 61ක් වන අතර මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ඇසුරෙන් ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2075ක් වනවා.

 

 

views

700 Views

Comments

arrow-up