කොරෝනා අවදානම හේතුවෙන් ගම්පහ ගම් 3ක් හා මන්නාරමේ ගම්මාන දෙකකට සංචාරණ සිමා පනවයි

ගම්පහ දිස්ති‍්‍රක්කයේ අත්තනගල්ල සහ මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ට අයත් මාළිගාතැන්න, කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන හුදෙකලා කර තිබෙනවා.
ඒ, එම ගම්මානවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිරිසක් හ`දුනාගැනීමත් සමග අදාළ ගම්මාන හුදකලා කිරීමට පියවර ගත් බවයි ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
ඒ අනුව එම ගම්මානවලට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර ඇති අතර පිටස්තර පුද්ගලයින්ට පැමිණීමට නොහැකි වන පරිදි මාර්ග බාධක ද යොදා ඇති බව ද ඔහු සඳහන් කළේ.
එළුවාපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිව්දෙනෙකුට සහ ගිහි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මන්නාරම් ප‍්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන ද නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
802 Views
Comments