මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 61ක් - වෛද්‍යවරුන් 03 දෙනෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 61ක් - වෛද්‍යවරුන් 03 දෙනෙක්

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 61ක් -  වෛද්‍යවරුන් 03 දෙනෙක්

මිනුවන්ගොඩ ඇගළුම් කම්හල ආශ්‍රිතව ඇතිවූ පොකුර හේතුවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 61ක් දෙනෙකු අද දිනයේදී හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

 

මෙලෙස වෛරසය ආසාදනය වූ පිරිස අතර 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 22 දෙනා පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

 

වාර්තා වූ කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

 

මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ඇතිවූ කොරෝනා රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන තිබෙනවා.

 

views

883 Views

Comments

arrow-up