අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (12) ආරම්භ වනවා.

අදින් ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වෙනිදා දක්වා පැවැත්විමට නියමිතයි.

මෙවර විභාගය සඳහා පැරණි සහ නව නිර්දේශ යටතේ සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හැට දෙදහස් අටසිය විසි හතරක්.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග මධ්‍යස්ථාන 2648 කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවයි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් පිහිටුවා ඇති අතර, වෙනත් දිස්ත්‍රික්ක වල ඉගෙනුම ලබන ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට එම මධ්‍යස්ථාන වලදී උසස්පෙළ විභාගයට පෙනී සිටිය හැකියි,

එමෙන්ම එම ප්‍රදේශ වලදී සිය විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද සිසුන්ට පවතිනවා.

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබන උසස් පෙළ සිසුන්ට ද ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූණු ආකාරයටම විශේෂ ආරක්ෂාවක් යටතේ විභාගයට මුහුණ දීමට පහසුකම් සලසන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

 

views

816 Views

Comments

arrow-up