උසස් පෙළ විශිෂ්ටයෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

උසස් පෙළ විශිෂ්ටයෝ

උසස් පෙළ විශිෂ්ටයෝ

2019 AL විභාග ප්‍රථිපල අනුව උසස් පෙළ ගණිත අංශයේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථමයා අනන්ද විදුහලේ තරුෂ සිහාන් ෆොන්සේකා හිමි  කරගෙන තිබේ.

 


 මේ අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් සිසුවා විසින් හිමිකරගෙන  ඇත.

 

 

වාණිජ අංශයේ පැරණි විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රතමයා ගාල්ල ක්‍රිස්තු දේව විදයාලෙයේ නිරෝෂ් සදරු මෙවර  ප්‍රතමයා බවට පත්ව තිබෙනවා.

 

 

ජීව විද්‍යා අංශයෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනි විජේවර්ධන ශිෂ්‍ය නව විෂය නිර්දේශය යටතේ ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙනවා .

 

 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තාක්ෂණ විෂය ධාරාව සහ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා .

 

 

නිපුණ විරාජ් කලා අංශයේ පැරණි විෂය නිර්දේශය යටතේ ප්‍රථම ස්ථානය ද  විනුර ඔසධ තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන තිබේ.

 


එමෙනම නව විෂය නිර්දේෂය යටතේ කලා අංශයේ ප්‍රථමස්ථානය හිමි කර ගෙන ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ තෙෂාණි වැලිගමගේ සිසුවිය විසින්.

 

views

1095 Views

Comments

arrow-up