පළමු ඉලක්කය ජාතික ආරක්ෂාව - ආයෝජකයන්ට සංචාරකයන්ට රට සුරක්ෂිත බවට විශ්වාසය ලබාදීම - අගමැති (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

පළමු ඉලක්කය ජාතික ආරක්ෂාව - ආයෝජකයන්ට සංචාරකයන්ට රට සුරක්ෂිත බවට විශ්වාසය ලබාදීම - අගමැති (PHOTOS)

පළමු ඉලක්කය ජාතික ආරක්ෂාව - ආයෝජකයන්ට සංචාරකයන්ට රට සුරක්ෂිත බවට විශ්වාසය ලබාදීම - අගමැති (PHOTOS)

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් සපුරාගත යුතු පළමු ඉලක්කය වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ට මේ රට සුරක්ෂිත බවට විශ්වාසය ලබාදීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.



දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කැඩෙට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසිරයෑමේ උත්සවයටඅද (21)එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පලකලා
ජනතාව බලය ලබාදුන්නේ රට මුහුණපා තිබු දෙස් විදෙස් බලවේගවලින් රට මුදවා ගැනීමට බැවින් ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.



දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කැඩෙට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසිරයෑමේ උත්සවය අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියතලාව යුද හමුදා විද්‍යාපීඨය භූමියේදී සිදු වුණා.



දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ 94 වන කණ්ඩායම මෙය වන අතර මෙහිදී පුහුණුව ලැබූ කැඩෙට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරිය නිලයට පත් කිරීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පුහුණුව ලැබූ දක්ෂතම කැඩෙට් නිලධාරියාට අසිපත ප්‍රදානය කළ අතර පුහුණු කාලය තුළ විශේෂ දක්ෂතා දැක්වූවන් සඳහා තිළිණ ලබා දීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවුණා.



මහින්ද රාජපක්ෂ මහතා දියතලාව යුධ හමුදා විද්‍යාපීඨ භූමියට පැමිණීම සංකේතවත් කරමින් නා පැළයක් ද රෝපණය කෙරුණා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත ඊස්වරන් මහත්වරුන් ඇතුළු යුද හමුදා උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

856 Views

Comments

arrow-up