ආරක්ෂක ලේකම් අද වැඩ බාරගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

ආරක්ෂක ලේකම් අද වැඩ බාරගනියි

ආරක්ෂක ලේකම් අද වැඩ බාරගනියි

විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ භාරගැනිමට නියමිතයි. 

 


මෙරට නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමල් ගුණරත්න මහතා ඊයේ (19) පත් කර කරනු ලැබුවේය. 

 


කමල් ගුණරත්න මහතා 1982 දෙසැම්බර් මස 04 වනදින දෙවන ලුතිතන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්ව ඇත.
යුධ හමුදාවේ විවිධ නිලයන් දරමින් කටයුතු කළ හෙතෙම මානුෂීක මෙහෙයුමේදී 53 වැනි සේනාංකයට අණදෙමින් වසර 30ක් පුරා පැවැති යුද්ධය නිමා කිරිමට ප්‍රමුඛ දයකත්වයක් ලබා දුන් රණවිරුවෙක්.

 

 
2009 මැයි මස 19 වනදා නන්දිකඩාල් කලපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ නායකයින් රැසක් මෙල්ල කරනු ලැබුවේ කමල් ගුණරත්න මහතා අණදුන් 53වන සේනාංකයේ සෙබලුන් විසින් විම විශේෂත්වයක්.

 


2016 වසරේ ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

 

views

658 Views

Comments

arrow-up