දුම්රිය ස්ථානවල නඩත්තු කටයුතු පුද්ගලික අංශයෙන්

රට පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත පවරා පුද්ගලික ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවා.
මේ පිළිබඳව ගිවිසුම්ගත වීම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) නිලධාරි මහතා හමු වීමෙන් සලසාගත හැකි බවත් දුම්රිය ස්ථාන අබලන් තත්වයට පත්වීම වළකාගැනීම් සඳහා පුද්ගලික ආයතනයන්හී සහය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි ඔහු සදහන් කළේ.
ඒ ඒ ප්‍රදේශවලට ආවේණික කර්මාන්තයන් පවත්වාගෙන යන සමාගම් වෙත මෙය මහඟු අවස්ථාවක් බව සඳහන් කරන ඩිලන්ත මහතා උඩරට දුම්රිය ස්ථාන කිහිපයක්ම තේ සමාගම් ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.
දැන්වීම් ප්‍රදර්ශනය සඳහා සමාගම්වලින් අමතර මුදලක් අය නොකරන බව පෙන්වාදෙන ඒ මහතා දැන්වීම ප්‍රදර්ශනය කරන දුම්රිය ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සහ අලංකාර කිරීම ඔවුන්ට පැවරෙන කටයුත්තක් බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහන් කළා.
898 Views
Comments