කොරෝනා ඇමට ගෙන හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

කොරෝනා ඇමට ගෙන හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාර

කොරෝනා ඇමට ගෙන හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාර

සයිබර් ප්‍රහාර එල්ල කිරීම සදහා හැකර්වරු COVID-19 වයිරස් භීතිය ප්‍රයෝජනට ගැනීමක්.. ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන් අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද COVID-19 වයිරසයේ ස්වභාවය නිසා ඒ වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනා ගැනීමට නැඹුරුවී තිබේ.

 

එහි ප්‍රතිපලයක් ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම සඳහා සයිබර් අපරාධකරුවන් මෙම හදිසි අවස්ථාව තුල ජනතාව තුල ඇතිවී ඇති බිය සහ අවිනිශ්චිතතාව යොදාගනිමින් සිටී.

 

Covid-19 වයිරසය සම්බන්ධයෙන් නවතම තතු ඊමේල් මගින් දැනුවත් කිරීමේ මුවාවෙන් ඊමේල් පණිවිඩ හරහා බලයලත් මහජන සෞඛ්‍ය ආයතනයක් සේ පෙනී සිටිමින් අනිෂ්ට කේත ඇතුළත් Microsoft Word or PDF ගොනුවක් ආකාරයෙන් Emotet වැනි ට්‍රෝජන් අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගනයකයට ජංගම දුරකතනයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක් පිලිබදව ලොවපුරා වාර්තා වේ.

 

මෙවැනි ඊමේල් පණිවිඩ සැලකියයුතු ප්‍රමාණයක් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට ලැබී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්වාස කරන අතර Covid-19 සම්බන්ධ ඊමේල් පණිවිඩයක් ඔබට ලබුනුහොත් එම පණිවිඩය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති - ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

 

views

796 Views

Comments

arrow-up