අලුත්ම ක්‍රමයට මුළුතැන්ගෙට පැන්ට්‍රියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

අලුත්ම ක්‍රමයට මුළුතැන්ගෙට පැන්ට්‍රියක්

අලුත්ම ක්‍රමයට මුළුතැන්ගෙට පැන්ට්‍රියක්

නිවසක ප්‍රධාන අංගයක් වශයෙන් එම නිවසේ මුළුතැන්ගෙය හඳුනාගත හැක. නිවසේ ගෘහනියගේ හැකියාව පිළිවෙළ සහ පිරිසුදුකම මැන ගැනීමට ඇති හොඳම නිදර්ශකය වන්නේද එම නිවසේ මුළුතැන්ගෙයයි. කෙතරම් රසට ගුණට ආහාර පිළියෙල කළද මුළුතැන්ගෙයි අපිරිසුදුකම හා අපිළිවෙළ ඒ ආහාර ප්‍රතික්ෂේප කරන්නට හේතු විය හැකියි.

 

ශ්‍රී ලංකාවේ නිවාස සැලසුම් කිරීමේදී ගෘහ අලංකරණය සඳහා වැඩි අවධානයක් යොමු කළත් මුළුතැන්ගෙ සඳහා එක් කළ යුතු පැන්ට්‍රියක අවශ්‍යතාවය එම නිවැසියන් විසින් සපුරා ගන්නේ තරමක් ප්‍රමාද වීමෙන් පසුවයි. නමුත් මනාව සැලසුම් කරන ලද නිවසකට මුළුතැන්ගෙය සඳහා එක් කරන පැන්ටියක් ඔස්සේ වැඩි වටිනාකමක් මෙන්ම ආකර්ෂණීය පෙනුමක් ද එම මුළුතැන්ගෙයට හිමිකර ගැනීමට හැකියාවක් ඇත. මුළුතැන්ගෙයි තබාගතයුතු ගෘහ විදුලි උපකරණ සහ අනෙකුත් උපකරණ පිළිවෙලින් ඇසිරීමටද පැන්ට්‍රියක පුළුවනි. විශේෂයෙන්ම ඉවුංපිහුං සඳහා උපයෝගී කරගන්නා ගෑස් සිලින්ඩරය, ප්ලග් පොයින්ට්ස් ආදිය පිටතට නොපෙනෙන අයුරින් සහ මනා නිමාවකින් යුතුව මුලුතැන්ගෙයක් සඳහා පැන්ට්‍රියකින් විශාල සහයක් ලැබෙනු ඇත. එමෙන්ම පැන්ට්‍රිය සඳහා එක් කරන අනෙකුත් උපාංග තෝරාගැනීමේදී ලොව සුපතළ නවතම මාදිලිවල නිෂ්පාදන වෙත යොමු වීමෙන් බිත්ති සිදුරු කිරීමට හෝ කඩා ඉවත් කිරීමටද අවශ්‍ය නොවෙයි. Built in products සංකල්පය එවැනි නවීන සංකල්පයකි. එමගින් නිවසක මුළුතැන්ගෙය සැලසුම් කිරීමේදී උපරිම පහසුවක් මෙන්ම මනා නිමාවක් ද එක්කර ගත හැකියි. මුළුතැන්ගෙයි ඇති පැන්ට්‍රියටම සවි කරන ලද උපාංග සහිත මෙම සංකල්පය යුරෝපීය මාදිලියේ මුළුතැන්ගෙයි අලංකරණ ක්‍රම වේදයකි. වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් තම නිවෙස්වල මුළුතැන්ගෙය නිර්මාණය කිරීමේදී මෙම සංකල්පයට අනුව පැන්ට්‍රි සවි කිරීමට වැඩි ප්‍රවණතාවක් දක්වයි. අතීතයට සාපේක්ෂව වර්තමානයේ ඉදිකෙරෙන මෙම නිවාස වල පිටත ඉඩකඩ මෙන්ම ඇතුළත ඉඩකඩද ඉතා සීමිතයි. එබැවින් මුල් තුළ තබා ගත යුතු භාණ්ඩ හා උපකරණ ඉතා සීමා සහිත වී ඇත. එවැනි නිවෙස්වල මුළුතැන්ගෙය නිර්මාණය කරන්නේ ද ඉතා කුඩා ප්‍රමාණයේ ඉඩකඩකයි.

 

 

වර්තමාන නිවාස සඳහා අත්‍යවශ්‍ය ඉඩකඩ කළමනාකරණය කිරීමේ හැකියාව මෙම built-in products සංකල්පය ඔස්සේ තව තවත් වර්ධනය කරයි. ඔබේ මුළුතැන්ගෙටත් මෙම නවතම මාදිලියේ පැන්ට්‍රියක් සවි කර ගනිමින් නැවුම් අලංකාරයක් එක් කර ගන්නට අමතක නොකරන්න. එමගින් ඔබටත් අඩු ඉඩකඩක් සහිත ඔබගේ මුළුතැන්ගෙය වඩාත් හොඳින් කළමනාකරණය කර ගනිමින් සියලුම අවශ්‍යතාවන් සපුරා ගන්නා ආකාරයෙන් සකස් කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. මෙම නවතම සංකල්පය ඔස්සේ යුරෝපීය හැඩයක් සහ ආකර්ශනයක් ඔබගේ නිවසේ මුළුතැන්ගෙට එක්කර ගන්නට දැන් ගෘහණියන් වශයෙන් ඔබටත් පුළුවනි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 
views

671 Views

Comments

arrow-up