ඔබත් නීතිඥවරියක් වෙන්න සිහින දකිනවාද

වර්තමානයේදී නීතිඥ ක්ෂේත්‍රයට යුවතියන් ඇලුම් කිරීම බහුලව දක්නට ලැබේ. වෛද්‍යවරියක් වෙන්න ඉංජිනේරුවරියක් වෙන්න හීන දකින යුවතියන් අතරින් නීතිය හදාරා නීතිඥවරියක් වෙන්න කැමති යුවතියන් බොහොමයක් සිටී. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හ යාපනය විශ්වවිද්‍යාල වල නීති පීඨ සඳහා සිසු සිසුවියන් තුන්සිය හැත්තෑවකට ප්‍රවේශ ලැබීමේ හැකියාව සලසා දී ඇති බව ඔබ දන්නවාද.
මෙහිදී නීතිවේදී උපාධි පාඨමාලාවේ කාලය වසර 4 කි. ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත්වන සිසුන්ට නීති ප්‍රවේශය සඳහා අයැදුම් කරන්නටත් පුළුවනි. කිසියම් පුද්ගලයකුට නීති පීඨයකට ඇතුළු වෙන්නට නම් සපුරාලිය යුතු අවම සුදුසුකම් කිහිපයක් පවතී. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී පහත දැක්වෙන විෂයන් අතුරින් විෂයයන් තුනට සාමාන්‍ය සාමාර්ථ ලැබිය යුතුයි. ගිණුම්කරණය, දේශපාලන විද්‍යාව, කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව, ජීව විද්‍යාව, උසස් ගණිතය, ව්‍යාපාර සංඛ්‍යානය, ඉතිහාසය, ව්‍යාපාර අධ්‍යනය, තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය, රසායනික විද්‍යාව, ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය සහ මාධ්‍ය අද්‍යනය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යනු එම විෂයයන් ය. නැතිනම් ඉහත විෂයන් එකක් හෝ දෙකක් සමග පහත සඳහන් විෂයයන් එකක් හෝ දෙකක් හදාරා සාමාන්‍ය සාමාර්ථ ලැබිය යුතුයි. බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය හින්දු ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, ක්‍රිස්තු ධර්මය, ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය, ඉස්ලාම් ධර්මය, ඉස්ලාම් ශිෂ්ටාචාරය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, චීන, ජපන්, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, ප්‍රංශ, ජර්මන්, සිංහල, දෙමළ, අරාබි යනු එම විෂයයන් ය. තවද නීති පීඨයට ඇතුළත් වීමට නම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයයට සම්මාන සාමාර්ථයක් හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය සාමාර්ථයක් ද ලැබිය යුතුයි.
අයදුම්කරුවන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අයදුම් පත් සමඟ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාග සහතිකයෙහි මුල් පිටපතෙහි නිසි ලෙස සහතික කරන පිටපතක් සමඟ එවිය යුතුය. එසේ නොයවන අයදුම්කරුවන් නීති පාඨමාලාව සඳහා සලකා බලනු ලැබේ. සෑම වර්ෂයකම පැවැත්වෙන නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට වයස් සීමාවකින් තොරව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් ඕනෑම අයෙකුට වූවද පුළුවනි. එයින් සමත් වෙන පිරිසට නීති විද්‍යාලයේ නීතිය හදාරා නීතීඥයින් වීමට හැකියාවක් තිබේ. නීතිය හදාරන්න කැමති අයට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි පාඨමාලාව හැදෑරීමටත්, ලන්ඩන් නීති විද්‍යාලය ආදී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල උපාධි පාඨමාලා හැදෑරීමේ හැකියාවත් අද වන විට නිර්මාණය වී තිබේ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1515 Views
Comments