අතට වද දෙන කාපල් ටනල් සින්ඩ්‍රෝම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

අතට වද දෙන කාපල් ටනල් සින්ඩ්‍රෝම්

අතට වද දෙන කාපල් ටනල් සින්ඩ්‍රෝම්

මැණික් කටුව සන්ධියේ ඇති තන්තුමය ආවරණයෙන් සාදන කුඩා හිඩස තුළින් අත්ලට එන මීඩියන් ස්නායුව ගමන් කරනවා. මෙහිදී විවිධ හේතුන් නිසාම එම මීඩියන් ස්නායු තෙරපීමට භාජනය වෙනවා. මේ හේතුවෙන් ස්නායු සම්බන්ධ කොටසේ පිහිටි අත්වල හා ඇඟිලිවල හිරිවැටීම් කැක්කුම් ඉදිමීම ආදිය ඇතිවෙනවා. මෙය කාපල් ටනල් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය ඇතිවන්නේ

*රුමටොයිඩ් ආතරයිටිස් දියවැඩියාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ආදී රෝග තත්ත්වයන් නිසා.
*ගර්භනී භාවය නිසා
*අතේ ඇතුලත ඇති වන විවිධ වර්ධනය වන ගැටිති ආදිය නිසා
*අත්ලේ අස්ථි වලට සිදුවන අනතුරු
*අතේ අස්ථි වල අනවශ්‍ය වැඩිම්
* වයසත් සමග අත්ලේ පටක වල ඇති වෙන සාමාන්‍ය ගෙවීම් සහ ඉරී යාම නිසයි.

 

 

 


නිරතුරුවම අත් ක්‍රියාකාරීත්වය යෙදීම හා සම්බන්ධිත රෝගයක් ලෙස විශේෂයෙන් සැලකිය හැකියි. එනම් මැණික්කටුව සන්ධිය පහළට නැමෙන අයුරින් එක දිගට වැඩ කිරීම

අත කම්පනය වන ආකාරය ක්‍රියාකාරකම්වල යෙදීම

අපහසු ඉරියව්වකින් අත තබාගෙන බොහෝ වේලාවක් සිටීම
ආදිය නිසා මෙම තත්ත්වයට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් ඇති කරනවා. මේ නිසාම දෛනිකව ගෙදර දොර වැඩ කටයුතු වල යෙදෙන ගෘහණියන් කර්මාන්තශාලා කර්මාන්ත ශාලා ආදි අත්වලින් සියුම් කාර්යයන්වල යෙදෙන්න මැහුම් ගෙතුම් රූපලාවණ්‍ය කටයුතුවල දිනපතා යෙදෙන්නන් අතර මේ ආබාධය නිතර දකින්න ලැබෙනවා.

එසේම වයස 40-60 අතර ස්ත්‍රී පක්ෂයට ඔසප් නැවතීම ඊස්ට්‍රජන් හෝමෝන ලබාගැනීම ආදී හේතූන් මත මෙම ආබාධිත තත්ත්වයට පත්වීමේ ඉඩකඩ වැඩියි. මෙහිදී රෝග ලක්ෂණ වන්නේ

-අතේ දැනීම අඩු වී යාම -හිරි ගතිය
-වේදනාව ආදී ලක්ෂණ

ඒ නිසාම රාත්‍රී නින්දට බාධා පැමිණීම නිරතුරුව සිදු වෙනවා. එසේම අතේ මැණික් කටුව සන්ධියේ ඇඟිලි නමා යමක් ඇල්ලීමේදී දැඩි වේදනාවක් ඇති වෙනවා.

මෙහිදී මූලික ප්‍රතිකාර ලෙස සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. සිරුරේ බර දුම්බීම ආතරයිටිස් දියවැඩියාව ආදී රෝගී තත්වයන් පාලනය කරගැනීම. නිවසේ රෝග ලක්ෂණ වැඩි කරන ආකාරයේ ක්‍රියාකාරකම් යෙදීමෙන් හැකිතාක් දුරට වැළකීම. වෘත්තීය චිකිත්සා සහ භෞතික චිකිත්සා ප්‍රතිකාර ක්‍රම මඟින් ව්‍යායාම ක්‍රියාකාරකම්වල යෙදීම. වේදනාව අඩු කිරීමට සහ බාහුව විවේකව තබාගැනීම මඟින් ආසාදනය සුව අතට පත් කිරීම සහ ස්නායු තෙරපුම අඩු කිරීමට ආධාරක පැළදීම. රාත්‍රී පතුරු භාවිතය සඳහා ඇදෙනසුළු ව්‍යායාම වල යෙදීම. ඖෂධ ප්‍රතිකාර හා එන්නත් මෙමගින් මගින් වේදනාව අඅඩුකිරීම සහ ආසාදන සමනය කිරීම. ඉහත සියලුම ප්‍රතිකාරවලින් සහනයක් නොලැබෙනවා නම් ශල්‍යකර්මයකට භාජනය කර කාපල් ටනල් සින්ඩ්‍රෝම් රෝගයට ප්‍රතිකාර කළ යුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1184 Views

Comments

arrow-up