නීරක්තිය ඇතිවන්නේ යකඩ අඩු ආහාර නිසාම නොවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

නීරක්තිය ඇතිවන්නේ යකඩ අඩු ආහාර නිසාම නොවේ

නීරක්තිය ඇතිවන්නේ යකඩ අඩු ආහාර නිසාම නොවේ

නීරක්තිය කියලා හඳුන්වන්නේ සිරුරේ ප්‍රමාණවත් තරම් ලේ නොමැතිකම. එය ඉංග්‍රීසියෙන් ඇනීමියා ලෙස හඳුන්වනවා. රුධිරය හරහා සිරුරේ සියලුම අවයවයන් වෙත ඔක්සිජන් ගෙන යන රුධිරාණු වල අසාමාන්‍ය අඩුවීම නීරක්තිය ලෙස නිර්වචනය කරන්න පුළුවන්. නීරක්තිය වැළදුණු අවස්ථාවකදී රුධිර තරලය තුළ රතු රුධිර සෛල ප්‍රමාණය සහ ඒ සමඟම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසා ශරීරයේ සෛල වෙත ගෙන යන ඔක්සිජන් වායුවේ හිඟකමක් ඇතිවෙනවා. ඒනිසා කරකැවිල්ල ඇවිදීමේ අපහසුතා හද ගැස්ම වැඩිවීම සුදුමැලිවීම හුස්ම ගැනීමේ අපහසුතාව නින්ද ලැබීමේ අපහසුතාවය ඇතිවෙනවා. නීරක්ති පාරම්පරික ජානමය හේතු නිසා ඇතිවන අතර නීරක්තිය ඇතිවීමට බලපාන හේතු මුල් කරගෙන එය වර්ග දෙකකට වෙන් කළ හැකි වෙනවා.

පර්නීසියස් ඇනිමියා

හිංසක නීරක්තිය ලෙස හඳුන්වන මෙය ඉතාම විරල ප්‍රතිශක්තිකරණය රෝගයක් ලෙස හඳුන්වනවා. ඊට හේතුව වන්නේ බී 12 විටමින් හෙවත් ඉන්ට්‍රින්සික් ෆැක්ටර් පෝෂක හිඟකමයි. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රෝටීන ඌනතාවය බැවින් විටමින් බී 12 බාහිරින් ලබාදීමෙන් මේ නීරක්ති තත්ත්වය සුවකර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ජානමය හේතූන් පදනම් කරගෙන තැලිසීමියාව වැනි රෝගී තත්ත්වයන් වැළඳී ඇති අවස්ථාවන්වලදී සිරුරේ නීරක්ති තත්වයක් දැකගත හැකි වෙනවා.

යකඩ ඌනතා නීරක්තිය

මෙම නීරක්ති රෝගය ලොව පුරා වැඩි වශයෙන්ම කාන්තාවන්ට වැළදෙන අතර ඊට හේතුව වන්නේ යකඩ සිරුරේ ප්‍රමාණවත් නොවීමයි. තමන් ගන්නා ආහාර තුළ අඩංගු යකඩ පෝෂක ආහාර නොතිබීම නිසා ආහාරවල අඩංගු යකඩ උරා ගැනීම සඳහා අවශ්‍ය පෝෂක කොටස් සිරුරට ප්‍රමාණවත් ලෙස නොලැබීමයි. වැඩිපුරම යකඩ අඩංගු ආහාර ලෙස පීකුදු සහිත මස් මාළු හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යකඩ අවශෝෂක ආහාර ලෙස පලා පලතුරු බිත්තර දැකිය හැකි වෙනවා. මේ නිසා සිරුරට ප්‍රමාණවත් යකඩ සහ යකඩ අවශෝෂක ආහාර වර්ග පිටතින් ලබාගත යුතු වෙනවා. විශේෂයෙන්ම යකඩ කාන්තාවන්ට වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ ඔවුන් තම දිවියේ දී ගර්භනී මවුවරුන් කිරිදෙන මවුවරුන් ලෙස විවිධ අදියරයන් පසු කරන අතර මාසික ඔසප් අවස්ථාවන්වලදී සිරුරෙන් දැඩි ලෙස රුධිරය වහනය වීම නිසා යකඩ ඌනතා ඔවුන්ට වැඩිපුර වැලදීමට හේතු වෙනවා.

ඒ අනුව පැහැදිලි වන්නේ යකඩ අඩංගු ආහාර නිසි ලෙස සිරුරට නොලැබීම නීරක්තිය ඇති වීමට ප්‍රධාන හේතුවක් වුවත් එය එකම හේතුව නොවන බවයි. ඒ අනුව තමන්ගේ රුධිර පරීක්ෂාවක් සිදුකර ප්‍රමාණවත් තරම් යකඩ සිරුරට නොමැති අවස්තාවන් වලදී යකඩ පෙති හෝ ආහාරමය මාර්ගයෙන් සිරුරට ප්‍රමාණවත් යකඩ ලබා ගැනීමට උත්සහ කරන්න.

 

 

 

 

by Dilki Shamani

Photo source: Internet

views

1802 Views

Comments

arrow-up