දරුවන් කෑම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

දරුවන්ගේ ආහාර ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනාට ගැටලු තියෙනවා. කෑම වර්ග ඕනෑතරම් තිබෙන විට දරුවන් කෑම ගන්නේ තෝරාබේරාගෙන. කුඩා දරුවන් ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් වෛද්‍යවරුන් මුලින්ම අවධානය යොමු කරන්නේ දරුවන්ගේ බර හා වර්ධනය පිළිබඳවයි. සෑම කුඩා දරුවෙක්ටම රජය මගින් සෞඛ්‍යය සංවර්ධන සටහන් පොතක් ලබාදීම සිදු වෙනවා. විටින් විට දරුවා ළඟම තිබෙන සායනයට රැගෙන ගොස් බර කිරා වෛද්‍යවරුන් ලවා මෙහි සටහන් කරගත යුතු වෙනවා. දරුවන් ආහාර ප්‍රතික්ෂේප කිරීමට බල පාන හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. මේ ඒ පිළිබඳ සටහනක්.
රෝගීවීම
පළවෙනි කාරණය නම් රෝගී වීමයි. උණ සෙම්ප්‍රතිශ්‍යාව වෙනත් ආසාදන හතිය වැනි විවිධ හේතූන් මත දරුවන්ට කෑම අරුචිය ඇති වෙනවා. එවැනි අවස්ථාවන් වල දරුවා කෑම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කලබල විය යුතු නැහැ. හැකිතාක් දියර ආහාර වර්ග ලබා දීම කළ යුතු වෙනවා. මෙහිදී ආහාර අතර සුප් දොඩම් යුෂ වෙන පලතුරු යුෂ වර්ග කැඳ වර්ග වැනි දේ විශේෂිතයි.
ජීවන රටාවේ වෙනස්කම්
සමහර අවස්ථාවන් වලදී හොඳින් කෑම ගනිමින් සිට කුඩා දරුවකු දින කිහිපයක් ආහාර ප්‍රතික්ෂේප කිරීමට පුළුවන්. එවැනි දෙයක් ජීවන රටාවේ වෙනස්කමක් නිසා සිදුවිය හැකි. ඒ කියන්නේ නිවසේ උත්සවයක් පැවතීම ගෙවල් මාරු කිරීම වැනි ඕනෑම දෙයක් ජීවන රටාවේ වෙනස්කම් යටතට ගැනෙනවා.
දිගුකාලීනව ආහාර නොගෙන සිටීම
සමහර කුඩා දරුවන් දිනකට එක වේලාවක් වත් හරියට කෑම ගන්නේ නැහැ. මෙවැනි දෙයක් පවසන විට වෛද්‍යවරුන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ බර වර්ධන සටහන් පොත. බර වර්ධනයේ ප්‍රශ්නයක් නැත්නම් දරුවා ගන්නා ආහාර දරුවාට ප්‍රමාණවත් බව බොහෝ විට නිගමනය කරනවා. නමුත් සමහර දරුවන්ට අලුත් ආහාරයක් ලබා දුන් විට දින කිහිපයක් එය ආහාරයට ගෙන ඉන් පසු එය ප්‍රතික්ෂේප කරනවා. එසේ සිදුවන්නේ අලුත් ආහාරය දිගින් දිගටම ගැනීම නිසා එපා වන අතර ඉන්පසු එය ප්‍රතික්ෂේප කිරීමයි. මෙය රෝගයක් හෝ වෙනත් ආබාධයක් නොවේ. ඇතැම් දරුවන් අලුත් ආහාරයක් දුන් විගසම ඒවා ප්‍රතික්ෂේප කරනවා. එසේ කරන්නේ එවැනි ආහාර දරුවා පෙර ගෙන නැති නිසයි. ඔහුට හුරුපුරුදු දේවල් නොවන නිසයි. මේවා රෝගී තත්ත්ව ලෙස වෛද්‍යවරුන් සලකන්නේ නැහැ.
නිරන්තර කුඩා ආහාර වේල් ගැනීම
ඇතැම් අවස්ථාවන්වලදී බිස්කට් යෝගට් චොකලට් වැනි ආහාර අමතර ආහාර වේල් ලෙස ලබා දෙනවා. එවිට සැරින් සැරේ කෑම ලබාදීම නිසා දරුවාගේ කුසගිනි නැතිවී ප්‍රධාන ආහාර වේල් මගහැරී යනවා. සමහර දෙමවුපියන් ප්‍රධාන ආහාර වේල් ප්‍රතික්ෂේප කළ විට වෙනත් කෙටි ආහාරයක් හෝ කිරි සාදා දෙන්නේ දරුවා බඩගින්නේ යැයි සිතමින්. පසුව දරුවා ප්‍රධාන ආහාර වේල් ප්‍රතික්ෂේප කිරීම පුරුද්දක් කර ගන්නවා. ඒ තමාට පැණි රස කැවිල්ලක් යෝගට් එකක් කිරි එකක් වැනි දෙයක් බත් වෙනුවට ලැබෙන නිසයි. අමුත්තන් නිවසට පැමිණෙන විට විවිධ ආහාර වර්ග කුඩා දරුවන්ට රැගෙන එනවා. චොක්ලට් බිස්කට් වැනි පැණි රස අඩංගු ආහාර වර්ග දරුවාගෙන් හැකිතාක් ඈත් කර ප්‍රධාන ආහාර වේල් තුන නොවරදවාම ලබාදීම ඔවුන්ගේ සෞඛ්‍ය වර්ධනය ඉහළ නැංවීමට හේතු වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1322 Views
Comments