තාපය පාලනය කරන නිවසේ වර්ණ ගැලපීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

තාපය පාලනය කරන නිවසේ වර්ණ ගැලපීම

තාපය පාලනය කරන නිවසේ වර්ණ ගැලපීම

අළුතින් ඉදිකල නිවසක හෝ පදිංචිව සිටින නිවසක ආකර්ෂණීය බවක් ඇති වන්නේ ඒ නිවස වර්ණ ගැන්වූවාට පසුවයි. එහෙත් එලෙස ආලේප කිරීමට තෝරාගත් වර්ණ නිවසේ ලස්සන වැඩි වැඩිකරන්නට වගේම නැතිකර දමන්නටත් හේතු වෙනවා. බොහෝ අය එතරම් දුරට නොසිතා පාට ලස්සන වූ පමණින්ම එය නිවසට ආලේප කිරීමට පෙලඹෙනවා. දුටු පමණින් ඇසට ප්‍රිය වර්ණයක් නිවසක වැඩි පරිමාවක් නියෝජනය කරන බිත්ති සදහා යොදාගැනීම උචිත නැහැ. සමහර විට ඇසට ලස්සන උනත් තද පැහැයක් නම් විශාල ප්‍රදේශයක තද පැහැ පැතිරෙද්දී එය ඇසට වෙහෙසකාරී පීඩාකාරී වෙනවා. නිතර දෙවේලේ ඇසට වෙහෙසකාරී එවන් පැහැයක් මනසත් වෙහෙසට පත්කරනවා. සන්සුන් බව නැති කරන්න හේතු වෙනවා. බොහෝ අය නිවසේ ආලේප කරන පැහැය තීරනය කරන්නේ තීන්ත වෙළඳ අලෙවි සේවකයාගෙන් මේ දවස්වල වැඩිපුර විකිණෙන පාට මොකක්ද කියලා විමසීමෙන්. නමුත් තමන්ගේ නිවසේ ආලේප කරන පැහැය තෝරා ගත යුත්තේ තමන් විසින්.

මූලික වශයෙන් සලකා බලන විට සුදු පැහැය තරම් නිවසක බිත්ති ආලේප කිරීමට සුදුසු වෙනත් පැහැයක් නැහැ. මුලින්ම සඳහන් කළ තද පැහැයන් ඇසටත් හිතටත් පීඩාකාරී වෙහෙසකාරී බවක් ගෙන දෙනවිට සුදු පැහැය සිත නිවනට හේතු වෙනවා. තද පැහැයක් නිවසක පිටත බිත්ති වලට ආලේප කළ විට සූර්ය තාපය වැඩියෙන් ඒවා අවශෝෂණය කරගන්නවා. එවිට බිත්ති වැඩිපුර රත් වෙනවා. ඒ අනුව නිවෙස ඇතුළට දාහයක් එන එක වලක්වන්න බැහැ.

 

 

 


නිවස පිට බිත්ති වලට සුදු පැහැය ආලේප කළ විට සිදු වන්නේ මුලින් සිදු වූ දෙයට ප්‍රතිවිරුද්ධ දේ. සුදු පැහැය තාපය පරාවර්තනය කරන විට බිත්ති රත්වීම සිදුවන්නේ අඩුවෙන්. නිවෙස ඇතුළත සුවදායි බව ඇතිකර ගන්න එය හේතුවක් වෙනවා. බිත්ති වර්ණ ගැන්වීමට සුදු පැහැ තෝරා ගන්නට සිතන කෙනෙක් නම් ඒ සඳහා සුදු ඉමල්ෂන් වර්ණ වෙනුවට සුදු හුණු භාවිතා කරන්න හිතනවා නම් එයින් වාසි බොහෝ තියෙනවා. ප්‍රධානම වාසිය ඉමල්ෂන් සදහා වැයවන විශාල මුදල ඉතිරි කර ගෙන මුදල් පිරිමසාගත හැකි වෙනවා. ඉමල්ෂන් තීන්ත ආලේප කිරිමෙන් ගඩොල් බිත්තිවල සවිමත් බව අඩු වෙන්න පුළුවන්. එහෙත් හුණු ආලේප කිරීමේදී එසේ සිදුවන්නේ නෑ.

නිවසට සම්බන්ධව හෝ නැතිව කොන්ක්‍රීට් වලින් තැනූ කොටසක් ඇති විට නිවස වටා බිම කොන්ක්‍රීට් කර ඇති විට කිසිවිටෙකත් ඒ මත තද පැහැ ආලේප නොකළ යුතුයි. බොහෝ අය එවැනි තැන්වලට කලු හෝ තදකොළ වැනි වර්ණ භාවිතා කරනවා. තාපය වේගයෙන් අවශෝෂණය කරගන්නා කොන්ක්‍රීට් මතුපිටක එවැනි තද පැහැයක් ආලේප කළ විට එහි රත්වීම දෙගුණයකින් වැඩි වෙනවා. මෙලෙස පරිසරය රත්වීම නිසා නිවස තුළට එන්න උණුසුම් වූ වාතය. මේ කරුණු පිළිබඳ අවධානය යොමු කළ ඔබේ නිවස වර්ණ ගන්න උත්සාහ කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1513 Views

Comments

arrow-up