අලංකාර මේස දරණුවක් නිවසේදීම නිර්මානය කරමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

අලංකාර මේස දරණුවක් නිවසේදීම නිර්මානය කරමු

අලංකාර මේස දරණුවක් නිවසේදීම නිර්මානය කරමු

කාර්ය බහුල ජීවන රටාවන් හේතු කොට ගෙන බොහෝ කාන්තාවන් තමාගේ මුළුතැන්ගෙට අවශ්‍ය පුංචි දේත් වෙළඳපොළෙන් මිලදී ගැනීමට පුරුදු වී සිටි. නමුත් එවැනි පුංචි පුංචි දේ තමා අතින්ම පිළියෙළ කර ගැනීමට හැකි නම් එය කෙතරම් අපූරුද කෙතරම් මුදල් ඉතිරි වෙනවද. මුලුතැන්ගෙට අවශ්‍යම දෙයක් වන විවිධ රටාවන්ගෙන් හැඩවී ඇති table mats හෙවත් මේස දරණු කෑම මේසය හැඩට තබාගැනීමට වගේම මුළුතැන්ගෙයි හැඩටත් වඩාත් කදිමයි. මෙම ලිපිය හරහා ගෘහණියන් දැනුවත් කරන්නේ ඉතාමත් පහසුවෙන් සහ අඩු පිරිවැයෙන් ගෙදරදීම මේස දරණුවක් නිර්මාණය කර ගන්නා ආකාරය පිළිබඳවයි. ඔබත් අදම මෙවැනි දේ අත්හදා බලා ඔබගේ පවුලේ සතුට වැඩි කරගන්න.

මේස දරණුවක් නිර්මාණය කිරීම උදෙසා අවශ්‍ය කරන ද්‍රව්‍ය

  • විවිධ වර්ණ වල මුද්‍රිත රෙදි
  • තනි පැහැති රෙදි
  • බයස් පටි
  • පැඩින්
  • ගැලපෙන වර්ණයන්ගෙන් නූල්


මේස දරණුවක් නිර්මාණය කරගන්නා ආකාරය


මෙම මේස දරණු අඟල් 12*9 වැඩි ප්‍රමාණ වල ඒවා වෙයි. එම ප්‍රමාණ වලට රෙදි කොටස් කපා ගන්න. ඉන් අනතුරුව border සහිත නිර්මාණ සඳහා අඟල් 8*5 ප්‍රමාණයට මැද කොටස් කපා වටෙ border කොටස් අඟල් දෙකක් පළලට අවශ්‍ය දිගට කපා ගන්න. දැන් ඒවා එකට මූට්ටු කරගන්න. ඇප්ලික් කලයුතු කොටස් වෙනම රෙදි වලින් කපා අවශ්‍ය ස්ථානවල තබා ඇප්ලික් කරගන්න. එම මෝස්තර කොටස් මහන මැෂිමේ හෝ අතේ ඇප්ලික් කරගත හැකියි. එය ඔබගේ කාලය සහ රුචිය අනුව සිදු කරගන්න. මතුපිට කොටසේ දිග පළල අනුව පැඩින් කොටස් හා ලයිනින් කොටස් කපා ගන්න. ඉහත සාදාගත් මතුපිට පලුව ගෙන එයට යටින් පැඩින් කොටස හා ලයිනින් කොටස තබා මසා වටේට බයස් පටි අල්ලා නිර්මාණ වලට මනා නිමාවක් ලබා දෙන්න. විශේෂයෙන්ම මෙහිදී රෙදි වලට වර්ණ තෝරා ගැනීමේදී ඔබගේ මුළුතැන්ගෙයි ආලේප කර ඇති වර්ණ සේම තිරරෙදි වලට යොදාගෙන ඇති වර්ණයන් පිළිබඳවද සැලකිලිමත් වීමෙන් ඔබට ඔබගේ මුළුතැන්ගෙය සඳහා වඩාත් ගැලපෙන මේස දරණු නිර්මාණය කරගත හැකිවේ. ගෘහණියන්ට මෙම ක්‍රම අත්හදා බැලීමෙන් තමාගේ මනස සැහැල්ලු වනවා සේම ආර්ථික අතින්ද පහසුවක් ගෙන දේවි. වර්තමානයේ දී වෙළදපලෙන් මෙවැනි මේස දරුණු මිලට ගැනීමට යාමේදී ඒවායේ මිළ ද තරමක් වැඩි වන අතර ඔබ බලාපොරොත්තු වන ආකාරයේ වර්ණ වලින් හැඩයෙන් ලබා ගැනීමට නොහැකි වීමට ද හැකියාවක් පවතී. එනිසාවෙන් ඔබේ රුචිකත්වය අනුව ඔබගේ මුළුතැන්ගෙයට වඩාත් උචිත මේස දරුණු පිළියෙල කර ගැනීමට ඔබට හැකියාවක් පවතී නම් එය වඩාත් වැදගත් වේ.

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

 

views

1303 Views

Comments

arrow-up