උසින් අඩු කාන්තා ඔබට අගනා කොණ්ඩා මෝස්තරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

උසින් අඩු කාන්තා ඔබට අගනා කොණ්ඩා මෝස්තරයක්

උසින් අඩු කාන්තා ඔබට අගනා කොණ්ඩා මෝස්තරයක්

කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කළ හැකි එක් අංගයකි ඇයට යොදන කොණ්ඩා මෝස්තරය. කොන්ඩා මෝස්තරයක් තෝරාගැනීමේදී කාන්තාවකගේ ශරීර අංග වලට ගැලපෙන අයුරින් එය තෝරා ගැනීම ඉතාමත් වැදගත්. එසේ නොවුණහොත් කොණ්ඩා මෝස්තරය සැකසීමෙන් අනතුරුව ඇයගේ තිබුණු සුන්දරත්වය පවා නැතිවී ගොස් අවලස්සනක් පෙනෙන්නට පුළුවනි. තමන්ගේ පෞරුෂත්වය ඔප්නැංවෙන ආකාරයේ කොණ්ඩා විලාසිතා සඳහා බොහෝ දෙනෙක් දක්වන්නේ ඉහළ රුචිකත්වයක්. මෙහිදී උසින් අඩු කාන්තාවන් තමාගේ උස වැඩි කර පෙන්වන ආකාරයේ කොණ්ඩා මෝස්තර වලට නැඹුරු වීමට වඩාත් කැමතියි. එවැනි කොණ්ඩා මෝස්තරයක් සකස් කරගන්නා ආකාරය පිළිබඳව පහතින් දැනුවත් වෙමු.


මුලින්ම ඉදිරිපස princh එක සකස් කරගන්න. ඉන් අනතුරුව කන දෙපසින් කොණ්ඩය දෙකට බෙදා ගන්න. පිටුපසට ඉතිරි කළ කොණ්ඩය ඉහළ සිට back comb කරන්න. එලෙස back comb කරගත් කොන්ඩ කොටස පමණක් රබර් පටියක් ආදාරයෙන් ponytail එකක් සේ සකස් කරගන්න. එයට hair bun එකක් තබා pins ගසා රඳවාගන්න. ඉන් පසුව පහල ඉතිරි වූ කොණ්ඩා කොටස climper machine එකක් ආධාරයෙන් climper කරගන්න. අනතුරුව කන දක්වා බෙදා ඉතිරි කළ කොණ්ඩයෙ පිටුපස කොටසින් ගෙතුම ආරම්භ කරන්න. එය වම් කන ළඟ සිට දකුණු කන දක්වාම ගොතා ගන්න. එම ගෙතුම hair bun එකට සම්බන්ධ කර පින් ගසාගන්න. ඉන් අනතුරුව වම් පස සහ දකුණු පස ඉතිරි කළ කොණ්ඩය හොඳින් පීරා හෙයා බන් එක වටා රඳවා ගන්න. ඉතිරි වන කොන්ඩ කොටස් සියල්ල මුදු ආකාරයෙන් සකස් කර hair bun එක නොපෙනී යන පරිදි මෝස්තරයට එක්කර ගන්න. ඉදිරිපස මුදාහැරි කුඩා කොන්ඩ කොටස් කර්ලින් ටෝන් එක ආධාරයෙන් කර්ල් කරගන්න. කොණ්ඩා මෝස්තරය වඩාත් සුන්දර කර ගැනීම සඳහා hair ornament එකක් ඔබගේ කැමැත්ත පරිදි භාවිතා කළ හැකියි.


මෙලෙස ඔබටත් අලංකාර සහ ආකර්ෂණීය කොණ්ඩා විලාසිතාවක් උත්සව අවස්ථාවක් සඳහා නිර්මාණය කරවා ගත හැකියි. උසින් අඩු යුවතියන්ට එම උස අඩු බව සඟවා ගනිමින් වඩාත් සුන්දරව කැපී පෙනෙන්නට මෙවැනි මෝස්තර වඩාත් යෝග්‍ය වනු ඇත. ඔබ උත්සව අවස්ථාවකට සහභාගි වීමේදී එයට සරිලන ඇඳුමකින් හැඩ වුවද ඔබටම සරිලන කොණ්ඩා මෝස්තරයක් සාදා ගැනීමට නොහැකි වුවහොත් ඔබගේ එම ඇඳුමේ පවතින සුන්දරත්වය පවා නොපෙනී යන්නට පුළුවනි. මෙවැනි සරල කොණ්ඩා මෝස්තර තුළින් ඔබගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනෙනු ඇත. ප්‍රවීණ කොණ්ඩා මෝස්තර ශිල්පියෙක් හෝ ශිල්පිනියක් මගින් ඔබටත් මෙවැනි සුන්දර කොණ්ඩා මෝස්තර යොදා ගැනීමට හැකියාවක් පැවතීම කෙතරම් අපූරුද.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source: Internet

views

1265 Views

Comments

arrow-up