ස්මාර්ට් ශොපින් ටිප්ස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

ස්මාර්ට් ශොපින් ටිප්ස්

ස්මාර්ට් ශොපින් ටිප්ස්

සෑම කෙනෙකුටම ශොපින් යන විට මුදල් ඉතිරි කරගැනීමටත් අවශ්‍යයි. හොඳ පෝෂණයෙන් පිරි ආහාර ලබා ගැනීමටත් අවශ්‍යයි. ඉතින් මෙසේ මුදල් ඉතිරි කර ගනිමින් හොඳ ආහාර වේලක් ලබා ගැනීමට හොඳම ක්‍රමය වන්නේ ඔබ ශොපින් කරන්න කලින්ම එය පළමුව හොඳින් සැලසුම් කිරීමෙනුයි. ඔබ ආහාර වර්ග මිලදී ගැනීම සඳහා ශොපින් යෑමට පෙර මේ ආකාරයට සැලසුම් කරන විට ඔබට මුදල් ඉතිරි කර ගත හැකි අතරම, හොඳ සෞඛ්‍යයක් සඳහා ඔබගේ. පවුලට අවශ්‍ය සියළුම ආහාර ලබා ගැනීමටද හැකි වනවා.

 

> ඔබ ශොපින් යෑමට පෙර සැලසුම් කරගන්නේ කෙසේද?

 

  •  ඔබ සාදන සමහර ආහාර ගැන සිතන්න.
  •  ඔබ සතුව මේ වනවිට ඇති දේවල් මොනවාද බලන්න.
  •  ඔබට මිලදී ගැනීමට අවශ්‍ය දේ ලැයිස්තුවක් ලියන්න. ආහාර වර්ග මිලදී ගන්නා විට
  •  ඔබ මිලදී ගන්නා ආහාරවල විවිධ ප්‍රමාණ සහ වෙළඳ නාමවල මිල එකිනෙකට සංසන්දනය කරන්න.
  •  ඔබ සාමාන්‍යයෙන් මිලදී ගන්නා දේවල් සඳහා පමණක් ඔබේ මුදල් භාවිතා කරන්න.
  •  ඔබට අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලදී ගැනීමට උත්සාහ කිරීම හෝ ගබඩා කිරීමට ඉඩකඩ තිබෙන ආකාරයට භාණ්ඩ මිලදී ගන්න.

 

> සැලකිය යුතු වෙනත් කරුණු

 

  •  සම්පූර්ණ ආහාර වේලක් සඳහා සලාදයක්, පළා වර්ග මෙන්ම ආහාර ගැනීමෙන් පසුව ආහාරයට ගත හැකි පළතුරක්, සහ පානය කිරීමට යමක් එක් කරගැනීම වඩාත් සුදුසුයි.
  •  ඔබට කාලය ඇත්නම්, එළවළු වර්ග යොදා පැස්ටා හෝ රයිස් වර්ග මාළු හෝ මස් යොදා නිවසේදීම සාදා ආහාරයට ගැනීමෙන්ද ඔබට මුදල් ඉතිරි කර ගත හැකිය.
  •  ඉතිරි වී ඇති තරම් බත් හෝ විවිධ වූ ඉතුරු වූ ආහාර වර්ග (ගැනීමට හැකි නම් පමණක්) නැවතත් පරිභෝජනය සදහා ඒ ආකාරයෙන්ම හෝ වෙනත් ආකාරයකින් සාදා ආහාරයට ගන්න.
  •  සෑම විටම පෝෂණ ලේබල කියවීමට වග බලා ගන්න. කියවා පෝෂණය පිරි ආහාර වර්ග මිලදී ගන්න.
  •  මේදය හා සෝඩියම් අඩු නිෂ්පාදන තෝරන්න හෝ අඩුවෙන් භාවිතා කරන්න. ඔබ ලුණු භාවිතා වන විටෙක මාගරින් යොදා ගන්නේ නම් එයින් අඩක් පමණක් භාවිතා කරන්න. මේදය පිරි කිරි වෙනුවට අඩු මේද සහිත කිරි භාවිතා කරන්න.

   

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

394 Views

Comments

arrow-up