අම්මටයි බබාටයි දෙන්නටම බලපාන රීසස් (Rh) සාධකය

ගැබ් ගත් කාන්තාවකගේ රුධිරයේ රීසස් සාධක ගැන සෑම විටම මවක් සැලකිලිමත් විය යුතුය . ඕනෑම කෙනෙකුගේ රුධිර වර්ග ගත්විට එය A B සහ O යැයි සඳහන් වේ .එසේම රුධිරයේ රීසස් සාධකය යැයි සඳහන් වේ .එහි පොසිටිව් නෙගටිව් යැයිද දක්වා ඇත. එම සාධකය නෙගටිව් නම් ඒ මව වඩාත් සැළකිලිමත් විය යුතුයි.
රීසස් සාධකය නැතිනම් එම මවට ප්‍රතිදේහ සාදයි.මෙම ප්‍රතිදේහ තිබේ නම් එහි සාන්ද්‍රණය එක්තරා සීමාවකට වඩා වැඩි වූ විට එය වැදෑමහ හරහා කලලයට යයි . එහිදී ගැබ තුළ වැඩෙන දරුවා පොසිටිව් නම් දරුවාගේ රතු රුධිරාණුවලට එය බලපායි .එනම් රතු රුධිරාණු විනාශ වෙයි.
මේ නිසා රුධිර පට්ටිකා බිඳවැටීම එනම් එනම් දරුවාගේ ශරීරයේ හෘදය උදර කුහර, පෙනහලු වල වතුර එකතු වේ එවිට කලලයේ හදවත අකර්මණ්‍ය විය හැකිය .මෙවැනි දරුවන් අකාලයේ මිය යා හැකියි.
මේ නිසා Rh සාධකය නැති මව්වරුන් තමා ගැන සැලකිලිමත් විය යුතුය .එහෙත් එය එවැනි සෑම මවකටම පොදු දෙයක් නොවේ ඒ, මෙම ප්‍රතිදේහ සෑදෙන්නේ සුළු වශයෙන් නිසාය එහෙත් ඒ බව දැන සිටීම වැදගත් වේ ඒ නිසා Rh සාධකය නෙගෙටිව් මව ප්‍රතිදේහ පරීක්ෂණය කළ යුතුය .මේ හැර දරුවාගේ රීසස් සාධකය පොසිටිව් නම් මවගේ එය නැත්නම් ඒ අයගෙන් සුළු ප්‍රමාණයකට බලපෑම් ඇතිවේ මේ නිසා ප්‍රතිදේහ තිබෙන විට එය මැනීම ඉතාමත් වැදගත් වේ ඒ ප්‍රතිදේහ වැඩි නම් එය භයානක විය හැකියි .
ප්‍රතිදේහ තිබෙන මව වරින් වර එය පරීක්ෂාකර බැලිය යුතු වේ . ඒ මෙම තත්ත්වය නිසා ගැබ තුළ වැඩෙන දරුවාට නීරක්තිය ඇති වන නිසායි.
ගැබෙහි වැඩෙන දරුවාගේ නිරක්ත ලක්ෂණ පෙනේ නම් දරු ප්‍රසූතියට ආසන්න නම් දරුවා සිසේරියන් සැත්කමක් මගින් ගනී. එසේ ප්‍රසූත කාලය සම්පූර්ණ වීමට පෙර දරුවා බිහිකරන්න ගැබට සති 34 ට වැඩි නම් පමණි .එහෙත් දරු ප්‍රසූතියක් සිදු කිරීමට තරම් දරුවා මෝරා නැතිනම් එවැනි දරුවකු එලියට නොගෙන වෛද්‍යවරයා විසින් දරුවාගේ ශරීරයේ රුධිරය මාරු කිරීමක් සිදුකරයි .මෙසේ කර දරුවා නිසි වයසට පැමිණෙන තෙක් මවගේ කුසේ තබයි.
ගැබිනි මවකගේ Rh සාධකය නෙගටිව් නම් ප්‍රතිදේහ නෙගටිව් නම් එවැනි මවකට දරුවා ලැබුණු පසු දරුවාගේ Rh සාධකය පොසිටිව් නම් මවට පමා නොකර “රෝගම්” නමැති එන්නත දිය යුතුය.මෙම එන්නත ලබාගත නො ගතහොත් නැවත දරුවකු පිලිසිද ගැනිම සුදුසු නොවේ .මෙවැනි මව්වරු ඊළඟ ගැබ් ගැනීම බොහෝ විට නල දරු ක්‍රමයකට සකසති .ඒ පළමු ගැබ් ගැනීමට ඉහත ගැටලුව බොහෝ විට ගැටලු සහගත නොවුනත් ඊළඟ දෙවැනි තෙවැනි ගැබ් ගැනීම් වලදී එය බරපතළ ලෙස බලපාන නිසායි. ඒනිසා රීසස් සාධකය නෙගටිව් මව ප්‍රසූතියෙන් පසු “රෝගම්” එන්නත ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ එවිට දෙවැනි තෙවැනි ගර්භනීතා සඳහා බිය විය යුතු නැත.
by Dilki Shamani
2576 Views
Comments