ස්නායු පද්ධතියට බලපාන ගිලන් බාරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

ස්නායු පද්ධතියට බලපාන ගිලන් බාරේ

ස්නායු පද්ධතියට බලපාන ගිලන් බාරේ

අපි ඕනෑම කෙනකුට ආසාදන තත්වයක් ඇති වූ විට එයට අපේ ශරීරයෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති කරවනවනේ. එලෙස ප්‍රතික්‍රියාව ඇති වන්නේ අපේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් (Immune system), ප්‍රතිශක්තිය, අපේ ශරිරයට ඇතුළු වූ විෂබීජය හෝ බැක්ටීරියාව විදේශීය ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගනිමින් එයට විරුද්ධව සටන් කරමින් එය විනාශ කිරීමට කටයුතු කරනවා. නමුත් මෙහි දී සිදු වන්නේ ආගන්තුක ද්‍රව්‍යයේ ආසාධිත ප්‍රතිදේහය, අපේ ශරිරයේ තිබෙන පටකයක ප්‍රතිදේහයට ආසන්න වූ විට එය ආක්‍රමණය වීමයි. විශේෂයෙන් නිතර දකින ආසාදන තත්වයන් වන කැස්ස, සීතල, වෛරස් උණ, ඇතැම් අවස්ථාවලදී බඩේ අජීර්ණයෙන් පවා පසුව දුර්ලබ ප්‍රතික්‍රියාවන් ලෙස අපේපර්යන්ත ස්නායු පද්ධතියට බලපාන ගිලන් බාරේ තත්වය ඇති විය හැකියි.

 

මෙහිදී රෝග ලක්ෂණ ලෙස පහත ලක්ෂණ ඇතිවේ.

 

  • අතේ හෝ කකුලේ හිරි ගතියක් ඇති වන අතර එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. ඉන්පසුව අත් සහ පාදවල නුහුරුගතියක් ඇතිවෙමින් අත් සහ පාදවල ඇඟිලිවල ක්‍රියාකාරිත්වය අඩුවීමට පටන් ගනී.
  • මුහුණේ මාංශපේශි නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් මුහුණෙන් ඉරියව් ප්‍රකාශ කළ නොහැකිතත්වයන් ඇති වේ.
  • ගිලීමේ අපහසුතා ඇතිවීම.

 

ශරීරයේ ඇතිවී තිබෙන ආසාධිත ප්‍රතිදේහය ඉවත් කිරීම සඳහා රුධිර පෙරිම කරනු ලබන අතර එහිදී ආසාධිත ප්‍රතිදේහය ඉවත් කිරීම කරනු ලබයි. මෙය Decesemed (Plasmapheresis) ලෙස හඳුන්වයි. මෙහිදී රුධිර කාන්දු පෙරන යන්ත්‍රය මඟින් ආසාධිත රුධිර ලාස්මාවේ එම ප්‍රතිදේහ හඳුනාගෙන ඒවා ඉවත් කරමින් එයට හොඳ රුධිරය ආදේශ කරයි. එමෙන්ම ඇතිවී තිබෙන ප්‍රතිදේහවල ක්‍රියාකාරිත්වය නැවතීම සඳහා ප්‍රතිකාර ලබා දේ.

 

එය Immunoglobulin ලෙස හඳුන්වයි. මෙම ඖෂධය ලබා දීමෙන් රෝගියාගේ ශරීරයේ තිබෙන ආසාධිත ප්‍රතිදේහ එයට අවශෝෂණය වේ. මේ මඟින්ද වෙනත් ආකාරයකට රුධිරය පිරිසිදු කරවයි. මෙම සියලු රෝගීන් රෝග තවයේ මුල් අවස්ථාවේදී හෝ මැද අවස්ථාවේදී හඳුනා ගත්ත ද සියලුම රෝගීන් වේ. නියමිත වයස් කාණ්ඩයකට තත්වය සීමා කළ මෙම රෝග නොහැකිය. තරුණ ළමයින්ගේ සිට වයස්ගත වූවන් දක්වා රෝගය ඇතිවීමේ ප්‍රවණතාවක් ඇත.

 

මැදි වයසේ අයට වැඩිපුර ඇති වී තිබෙන බවක් හඳුනාගෙන ඇත. මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය පසු ඇවිදින විට කකුලේ පටලැවීමට, අතේ ඇගිලි සිට අත් සහ පාදවල ඇගිලි වැඩ නොකිරීම දක්වා වර් එවැනි අවස්ථාවකදී රෝ උපදෙස් සඳහා යොමුවීම තත්වය හොඳින් පාලන හැකියි. යම් කෙනකුට ඇවිදීම අපහසු වූවිට, අත ඉස්සීම විට, මුහුණේ මාංශපේශි වේදනාවට පත් වූ විට වෛද්‍යවරයා වෙත යොමුවී වෛද්‍යවරයා විසින් ආරම්භ ප්‍රතිකාරවල බලපෑම ඉතාම යහපත්.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

785 Views

Comments

arrow-up