කැනඩාවේදී සුනඛයන්ට අත්වූ ඉරණම

බීබීසී නිවුස් මෑතකදී වාර්තා කර සිටින්නේ කැනේඩියානු සුනඛ සුරතලුන් පිරිසකට සිදුවූ ඛේදජනක ඉරණම ගැනයි. ඒ පසුගිය ජුනි විසි වෙනි සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපලේ යුක්‍රේනයේ ජාත්‍යන්තර ගුවන් සේවය (යූඅයිඒ) හරහා ප්‍රවාහනය කරමින් සිටි ෆ්‍රෙන්ච් බුල්ඩෝග් බලු පැටවුන් 38 දෙනෙකු ගුවන් යානයේදීම මිය ගොස් ඇති බවයි. අවම වශයෙන් මේ ගුවන් යානය හරහා ෆ්‍රෙන්ච් බුල්ඩෝග් සුනඛ සුරතල් පැටවුන් පන්සියයක් පමණ ප්‍රවාහනය කරමින් සිටි බව ගුවන්තොටුපල බලධාරීන් විසින් ප්‍රකාශ කළ සිටියත් සුරතල් බලු පැටවුන් ප්‍රවාහනයේ දී ඔවුන්ව ඔවුන්ව හැසිරවීම සඳහා භාර දී සිටි ඇබී ලොටෙන්සන් නැමැති පුද්ගලයා බීබීසී නිව්ස් වෙත ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය වශයෙන්ම මෙහි සතුන් 572 මෙම ගුවන් යානයේ ප්‍රවාහනය කර ඇති බවත් මියගිය සතුන් දැකීමෙන් ඔහු බලවත් කම්පනයට පත් වූ බවයි. දිවි ගලවාගත් ඉතිරි සුනඛ සුරතලුන් විජලනයෙන් වමනය යෑම් මෙන්ම විවිධ ශාරීරික දුර්වලතාවයෙන් පෙළුනු බව ඔවුන් පරික්ෂාවට ලක් කළ කැනේඩියානු ආහාර පරීක්ෂණ ඒජන්සිය වාර්තා කරනවා.
මෙම සතුන් කැනඩාවේ ජනප්‍රිය සුරතල් සුනඛ ප්‍රභේදයක් වන අතර ෆ්‍රෙන්ච් බුල්ඩෝග් පිළිබඳ වැඩි විස්තර අනාවරණය කරමින් ගුවෙල්ෆ් විශ්වවිද්‍යාලයේ ස්කොට් වීස් පැවසුවේ මේ බලු පැටවුන් විකිණීම කැනඩාව තුළ ලාභදායී ව්‍යාපාරයක් වන බවයි. කැනඩාවේ මේ සතුන් බෝ කරන බව බොහෝ ගැනුම්කරුවන් විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කරත් නමුත් යථාර්ථය නම් සුනඛයන් විශාල වශයෙන් වෙනත් රටවලින් ආනයනය කොට එහි වෙළෙඳාම කරන බවයි. ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපළ කැනඩාවේ කාර්ය බහුලතම ගුවන් තොටුපළක් වන අතර මෙම අනතුරට හේතුව වී ඇත්තේ ප්‍රවාහනයේ දී ඇති වූ අධික තදබදය බව බොහෝ දෙනා අනුමාන කෙරෙනවා.
සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ච් බුල්ඩෝග් සුනඛ පැටවකු කැනඩාව තුළ අලෙවි වන්නේ ඩොලර් 3000-4000 ත් අතර මිල ප්‍රමාණයකටයි. ඒ අනුව සලකා බැලීමේදී ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අලෙවිකරුවන්ට අහිමි වී ඇති බව බලධාරීන් ප්‍රකාශ කළත් සැබෑවටම ඊට වඩා සුරතලුන්ගේ ජීවිත පිළිබඳව හා ඔවුන්ට අත්වූ මෙම ඛේදජනක ඉරණම ගැන හා ඊට එරෙහිව කිසිවකු කතා නොකරයි. ගුවන් ගමනේ යෙදුන යූඅයිඒ ගුවන් සමාගම සිදු වූ මේ සත්ත්ව ජීවිතවල අහිමිවීම පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කළත් මේ හේතු දැක්වීම ගුවන් සමාගම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ. මෙලෙස අසරණ සත්ව ජීවිත මිනිස් අත්වරදින් විනාශ වීම වැලැක්වීමට සියලු දෙනා වගබලා ගත යුතු වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
286 Views
Comments