ඔබ සිහිනෙකින්වත් නොහිතන ඇපල් සමාගමේ නිර්මාතෘගෙ ජීවිත කතාව

ස්ටීව් ජොබ්ස්. ඒ ඔහුගේ නමයි. ඇතැම් විට එය නම් අනන්තවත් අසා ඇති. නමුත් ඔබ කිසිවිටෙක සිතන්නට නැතුව ඇති වර්තමානය වන විට අනෙකුත් සමාගම් වල ආදායම් වාර්තා බිද තබමින් ඩොලර් ට්‍රිලියන ගනනින් ආදායම් ලබන එම ඇපල් සමාගමේ නිමැවුම්කරු එය මුලින් පටන් ගත්තේ කඩ කාමර බදු මුදලවත් ගෙවා ගත නොහැකිව කියා.
මොහුගේ කුඩා කල ගැන කතා කලොත් මොහු හැදෙන්නෙ මොහුව අරන් හදා ගන්නා පවුලක. මොහුගේ සත්‍ය දෙමවුපියන් මොහුව එම පවුලට බාරදී තිබෙන්නේ ඔවුන් නීතියෙන් විවාහ නොවී සිටි නිසා. කෙසේ නමුත් මේ කුඩා ස්ටීව් හැදෙන්නෙත් ඒ පිලිබදව දැනගෙන තමයි. ඔහුගේ පාසල් ජීවිතයත් එතරම් සොදුරු එකක් බව නම් කියවෙන්නේ නැහැ. කොහොම නමුත් මොහු විශ්වවිද්‍යාල ගිහින් තිබෙනෙත් එක අවුරුද්දක් පමණයි. පසුව මොහුට ඒ සියල්ල එපා වී අත හැර දමා තිබෙනවා. පසුව මොහුට එම බටහිර සංස්ක්‍රුතියම පවා එපා වී ටික කාලයක් ඉන්දියාව වැනි රටවල් වල මුණිවරුන් සමග වාසය කොට තිබෙනවා. එසේ ආ අවස්ථාවේදී තමයි මොහු බුදු දහම පිළිබද විශේෂ ඇලමක් දක්වන්නෙත්. ඒකත් හරි විශේෂ කාරණාවක්.
එතැන් පටන් මොහු ඇලමක් දක්වන එකම ආගම වන්නේ බුදු දහමයි. ඉතින් කෙසේ නමුත් පසුව මොහු නැවතත් තම රටට ගිය පසු ඔහුගේ යහලුවෙක් සමග එක්ව වෙනස් දෙයක් කරන්නට මොහු සැලසුම් කරල තියනවා. ඒ අවදියේ තමයි පරිඝණක ලොවට හදුන්වාදෙන අවදිය. ඉතින් ඒ කාලෙ ඉදන් ම අමුතු විදියට හිතන කෙනෙක් නිසා මොහු තම යාලුවට කියල තියන අපි පරිඝණකයක් හදමු කියල. කොහොම නමුත් මුලින් මේ දෙන්නට මේ වැඩේ කරන්න තැනක් කුලියට ගන්නවත් මුදලක් තිබිල නැහැ. ඒ නිසා තමයි පසුව අර යහලුවගෙ ගෙදර ගරාජය මේ වැඩේට අරගෙන තියෙන්නෙ. ඉතින් කොහොමින් කොහොම හරි ඒ දෙන්න පටන් ගත්ත ව්‍යාපාරයට තමයි මේ ඇපල් කියන නම යොදන්නෙ. ඒකට ඇපල් කියන නම දාන්නත් විශේෂ හේතුවක් තිබිල තියනවා. ඒ තමයි මේ ස්ටීව්ට ඒ කාලෙ තිබිල තියනවා ඇපල් වත්තක්. මොහුට මොකක් හරි හිතේ දුකක් හෝ තනිකමක් හෝ මොනයම් හෝ ගැටලුවක් මතු උන අවස්ථාවන්වලදී ඔහු ඒ ඇපල් වත්තට ගිහින් තමයි ඒක මගහැරගෙන තියෙන්නෙ. ඉතින් අන්න ඒ ඇපල් වත්ත මතක් කිරීමක් විදියට තමයි මේකට ඇපල් කියන නම යොදාගෙන තියෙන්නෙ. ඉතින් කොහොම හරි මේගොල්ලො ඇපල් කියන නම තියල එක්තරා පරිඝණකයක් මොවුන් විසින් නිර්මාණය කරල ඒක වෙළදපොලට නිකුත් කරල තියනවා. ඉතින් මේකෙන් පස්සෙ ඔවුන් හිතපු තරම් ලාභයක් නැති උනත් සාමාන්‍යය ලාභයක් එන පරිදි ඒ පරිඝණක අලෙවි වෙලා තියනවා. ඉන්පසුව තවත් වැඩිදියුණු කම් සිදුකරල මීලගට මොවුන් තවත් පරිඝණකයක් වෙළදපොලට නිකුත් කරනවා ඇපල් 2 කියල. ඒක ඉතාමත් ලාභයක් ගෙනදෙනව මොවුන්ට.
මීලගට තවත් නිශ්පාදනයක් කරනවා ස්ටීව්ගේ තනි කැමැත්ත මත නමුත් එය සම්පූර්නයෙන්ම අසාර්තක වෙනවා. එය නිසා ඇපල් සමාගමේ කඩා වැටීමත් ආරම්බ වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා තම ආයතනයේ අධ්‍යක්‍ෂලාගේ ඉල්ලීමට අනුව ඔහුට මෙයින් ඉවත් වෙන්න සිදුවෙනවා. එයින් ඉවත් වෙලා පසුව ඔහු ඉතාමත් මිල අඩු පරිඝණක විකුණන සමාගමක් ආරම්භ කරනවා නෙක්ස්ට් කියල. නමුත් ඒකත් 100%ක්ම සාර්ථක උනේ නැහැ. ඉතින් පස්සෙ මොහු නැවතත් ඇපල් සමාගම ගැන හොයල බලපුවාම මොහුට දැන ගන්න ලැබුන එයත් ඉතාමත් බංකොලොත් තත්ත්වයේ ඇති බව. පසුව මොහු නැවතත් සමාගම් දෙකම එකට එකතු කිරීමෙ ගිවිසුමකට අනුව ඇපල් සමාගමේ වැඩ පටන් ගන්නවා. ඔන්න ඊට පස්සෙ දැඩි අධිෂ්ටානයකින් යුතුව වැඩ පටන් ගන්නව.
පලමු නිමැවුමම අති සාර්තක උනා. ඉන් පසුව තවත් ලැප්ටොප් පරිඝණකයක් නිපදනව. ඒකත් 100%ක් සාර්ථකයි. මේ අයුරින් ඇපල් සමාගම ආයෙත් ලාභ ලබන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම තත්වයක් තියෙද්දි තමයි මේ ගොල්ලො අයිපොඩ් එක වෙළදපොලට දාන්නෙ. ඉන් පස්සෙ තමයි ලෝකයම මොවුන් දිහා හැරිල බැලුවේ. මිලියන 100ක් පමණ එහිදී අයිපොඩ් නිෂ්පාදනය කරල තියනවා. ඉන් පසු ලැබූ ලොකුම ජයග්‍රනය තමයි ස්ටීව් විසින් මේ ඔබ අපි කවුරුත් දන්න ස්මාර්ට් ෆෝන් එක වෙළදපොලට හදුන්වා දීම.ඉතින් මේකෙන් පස්සෙ තමයි ඒ ගොල්ලො අයිෆෝන් එක හදුන්වා දුන්නෙ. පසුව 2011 ඔක්තොම්බර් 5 වෙනිදා ඔහු මෙලොවට සමු දෙනවා පිළිකා රෝගයක් නිසා.
by Sahan Sandeepa
Photo source : Internet
273 Views
Comments