"ලැබෙන කෙනා කවුරු උනත් ආදරයෙන් බාර ගන්නවා.." මව් පදවිය ලබන්න යන නෙහාරා පීරිස් කියයි

“මේනකයි මගේ අම්මායි තාත්තයි මේනකගේ පවුලේ අයයි මාව බලාගන්නේ මලක් වගේ...”
“කවුරුවුණත් ආදරයෙන් භාරගන්නවා. චූටි පැටවුන්ට මම ඉස්සර ඉඳලම හරිම ආදරෙයි..”
“දැන් ඉතින් ඉස්සර වගේ සෙල්ලම් දාන්න බැහැ හොඳේ කියලා අම්මා කියනවා...”
කලාකරුවන් අතර ඉන්න දක්ෂ නර්ථන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස ආදරය දිනාගත් නෙහාරා
පීරිස් මවක් වෙන්න බොහෝ කාලයක සිට මවපු හීනය ඔන්න සැබෑ වෙලා තියෙනවා. වසර ගණනාවක්ම
පෙරුම් පුරලා උතුම් මව් පදවියට බලාපොරොත්තු ගොන්නක් එක්ක දින ගණින ඇයගේ පුංචි කැදැල්ල වෙනුවෙන්
ඉඩකඩක් වෙන්කරන්න සිතුවා.
නට නට ඉඳපු නෙහාරගේ ජීවිතේ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා නේද?
ඇත්තටම ඔව්. ගොඩක් දේවල් වෙනස් වුණේ පැටියා කුසට ආපු දවසේ ඉඳලා තමයි. මගේ ඩාන්සින් ස්ටුඩියෝ
එක පැත්තටත් ඉඳලා හිටලා ගිහින් එනවා. හැබැයි නර්තන කටයුතු කරන්නේ නැහැ. ප්‍රවීණ පිරිසක්
ඉන්නවා මාත් එක්ක. ඒ අය වැඩ ටික කරගෙන යනවා. මාස ගණනක්ම දැන් ගෙදරට වෙලා තමයි
හිටියේ. වෙලාවකට හරිම කම්මැලියි. මට ඉතින් සාමාන්‍යයෙන් එක තැන ඉඳලා පුරුද්දක් නෑනේ. දැන්
ඉතින් ඉස්සර වගේ සෙල්ලම් දාන්න බැහැ හොඳේ කියලා අම්මා කියනවා. මගේ අම්මායි තාත්තයි ඉන්නේ
අපි එක්කමයි. මට ඒක නිසා මුල් මාස කීපයේ ගොඩාක් පහසු වුණා. මේනකයි මගේ අම්මායි තාත්තයි
මේනකගේ පවුලේ අයයි මාව බලාගන්නේ මලක් වගේ. කෑමෙන් බීමෙන් පවා මම ගොඩක් වෙනස් වුණා.
මේනක වෙනදාට වඩා දැන් මාව පරිස්සම් කරනවා. දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම
රූපලාවන්‍ය කටයුතු ඇඟ ගැන හිතන එක සියල්ල අතහැරියා. සම්පූර්ණයෙන්ම මගේ ජීවිතේ වෙනස් වුණා.
අවුරුදු හතකට කිට්ටු කාලයක් හීන මවපු බලාපොරොත්තුව දෙවියන් වහන්සේ විසින් මට දැන් දීලා තියෙනවා.
බොහොම අමාරුම දින ටික ද දැන් ගෙවන්නේ?
ඒක අපහසුවක්, අමාරුවක් කියලා මම හිතන්නේ නැහැ. ඒ දේවල් විඳින්න මම ඇත්තටම ගොඩාක් ආසාවෙන්
හිටියේ. දරු පැටියෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම දැනුණු සතුට වචනයෙන් කියලා නිමකරන්න
බැහැ. තව බොහොම ටික දිනයි තියෙන්නේ දරුවා ලැබෙන්න. සාමාන්‍ය දරු ප්‍රසූතියකට මුහුණ දෙන්න
තමයි මගේ එකම අපේක්ෂාව. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට විවේකය වගේම ව්‍යායාමත් අවශ්‍යයි. ඒ
නිසා ගෙදර වැඩ කටයුතුත් මම සාමාන්‍ය විදිහට කරනවා.
මවක් වෙන්න මේ තරම් කාලයක් ගත්තේ කලා කටයුතු නිසාද?
අපි විවාහ වෙලා ලබන ජනවාරියට අවුරුදු 7 ක් වෙනවා. 2014 දී විවාහ වෙලා අපි මුලින්ම ප්ලෑන්
කළේ අධ්‍යාපන වැඩවලට ඇමරිකාවට යන්න. ජීවිතේ ප්ලෑන් කිහිපයක්ම තිබුණා. ඒවා ඉවර කරගෙනම දරු
පැටියෙක් ගැන හිතනවා කියලා අපි විවාහ වුණු අලුතම හිතුවා. දන්නෙම නැතුව පැටියෙක් ගැන හිතන්න
අවුරුදු හතක්ම ගියා. ඊට පස්සෙ 2018 ඇමරිකාවේ ඉඳලා ලංකාවට ආවම කලා කටයුතු එක්ක කාර්යබහුල
වෙන්න වුණා. 2020 වසරේ මුල හේලි ටෙලි නාට්‍යය රූපගතකිරීම් අවසන් කරලා දැන් නම් පැටියෙක්
ගැන හිතන්න ඕන කියලා හිතුවා. මම දැන් අම්මා කෙනෙක් වෙන්න ඕන හොඳම කාලේ කියලා මට
දැනුණා. පෙරුම් පුරලා අවුරුදු ගාණට පස්සේ කුසට ආපු පැටියාගේ මූණ බලන්න හරි ආසාවෙන් තමයි අපි
දෙන්නම ඉන්නේ.
දුවෙකුට ද පුතෙකුට ද වැඩිපුර කැමති?
ලැබෙන කෙනා කවුරුවුණත් ආදරයෙන් භාරගන්නවා. චූටි පැටවුන්ට මම ඉස්සර ඉඳලම හරිම ආදරෙයි.
මේනක බබාට දැන්මම නමක් දාලා තියෙන්නේ.
ඒ කියන්නේ දුවෙක්ද, පුතෙක්ද කියලා දන්නවා එහෙනම්?
අම්මෝ... ඒක රහසක්.
දරුවා නිසා කලා කටයුතු නෙහාරගෙන් මග ඇරිලම යාවි ද?
මම ජීවිතේ හැම දෙයක්ම ප්ලෑන් කරලා කරන කෙනෙක්. දරුවෙක් ගැන හිතුවෙත් සැලසුම් කරලා. කලා
කටයුතු, නර්ථන කටයුතු මම නතර කළේ තාවකාලිකව. කොහොම වුණත් දරුවා වෙනුවෙන් මට ලොකු කාලයක්
කැප කරන්න වේවි. ඊට පස්සේ නැවත කලා කටයුතුවලට දායකවෙන්න බලාපොරොත්තු වෙනවා. කලාකටයුතු
වලින් ඉවත් වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. පැටියා එක්ක පුළුවන් විදිහට කලාව වෙනුවෙන් කාලය
වෙන් කරන්න උත්සාහ කරනවා. වසර කිහිපයක්ම ඇමරිකාවේ ජීවත්වුණේ අධ්‍යාපන කටයුතු නිසා. අපි
දෙන්නා ලංකාවට ආවේ ඒ සියල්ලම අවසන් කරලා. ඒ නිසා නැවත විදේශ ගතවෙන්නේ නැහැ. දැන්
පදිංචිය දිගටම ලංකාවේ.
නෙහාරයි, මේනකයි තාම ෆොටෝ ෂූට් වලට යොමුවුණේ නැද්ද?
ඇත්තටම උත්සව අවස්ථාවකදී ඡායාරූපයක් ගත්තොත් ඇරෙන්න අපි දෙන්නටම ෆොටෝ ෂූට් කරන්න කිසිම
බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මගේ නම් ඒ දේවල් වලට කැමැත්තකුත් නැහැ. ඒත් අපිට හිතවත්ම
ඡායාරූප ශිල්පීන් කීපදෙනෙක් ෆොටෝ ෂූට් එකක් කරමු කියලා කතා කරලා තියෙනවා.
නදීශා අතුකෝරල
Source :- Hiru Gossip
389 Views
Comments