ලෝක වාර්තා තැබූ හිම දිවියා සමුගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

ලෝක වාර්තා තැබූ හිම දිවියා සමුගනී

ලෝක වාර්තා තැබූ හිම දිවියා සමුගනී

කෘතීම ඔක්සිජන් නොමැතිව 10 වතාවක් ලොව උසම මුදුණ සහිත එවරස්ට් කන්ද තරණය කළ ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වූ නේපාල කඳු නගින්නෙක් අන්ග් රීටා ශර්පා වූ වයස අවුරුදු 72 දී මියගොස් තිබේ. දහස් ගණනක් ජනයා එවරස්ට් කන්ද මුදුනට නැඟී ඇති නමුත් ඔක්සිජන් නොමැතිව එසේ කිරීම දුර්ලභය.


හිම දිවියා ලෙස ජනප්‍රිය වූ ඇන්ග් රීටා ෂර්පා ප්‍රථම වරට ලොව උසම කන්ද මුදුනට ළඟා වී ඇත්තේ 1983 දී ය. ඔහුගේ පවුලේ අය පැවසුවේ ඔහු පසුගිය සඳුදා කත්මණ්ඩු අගනුවරදී මිය ගිය බවයි. මරණයට හේතුව ඔහුට වැළඳී තිබුණු මොළයේ හා අක්මා රෝගී තත්ත්වය බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.


ඔහුගේ මරණය නේපාලයට සහ එහි නැගී එන ප්‍රජාවට විශාල පාඩුවක් ලෙස වාර්තා වෙනවා.1983 සිට 1996 දක්වා කාලය තුළ ෂර්පා කෘතීම ඔක්සිජන් නොමැතිව 10 වතාවක් එවරස්ට් කන්ද තරණය කළ ලොව එකම පුද්ගලයා ලෙස 2017 දී තැබූ ගිනස් ලෝක වාර්තාව තවමත් පවතී.


1987 දී අතිරේක ඔක්සිජන් නොමැතිව මීටර් 8,848 (අඩි 29,028) කන්දෙහි පළමු ශීත ඍතුවේදී නගින්නට ඔහු සමත් විය. කඳු නැගීමට ඇති ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට හිම දිවියා යන අන්වර්ථ නාමය ලැබුණි.
වසර ගණනාවක් පුරා හිමාලයානු පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණ ව්‍යාපෘති සඳහා ද ඇන්ග් රීටා සිය දායකත්වය ලබා දී ඇත.

ඔහුගේ මරණය පිළිබඳ පුවතත් සමඟ සෙසු කඳු නගින්නන් ඔහුට උපහාර දක්වමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
කඳු නගින්නන් පැවසුවේ ඇන්ග් රීටා කඳු නගින්නන්ට ආශ්වාදයක් වූ අතර නේපාලයේ කඳු නැගීමේ පුහුණු පාඨමාලා ද ඔහුගේ අත්දැකීම් හා කුසලතාවන් බෙදාගත් බවයි.


අපගේ කඳුකර සංචාරක ව්‍යාපාරය ඔහුට විශාල කාලයක් ණයයි” යැයි එන්එම්ඒ හි වත්මන් සභාපති සැන්ටා බිර් ලාමා ප්‍රකාශ කර තිබේ. නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුව පැවසුවේ කඳු නැගීමට ඔහු දැක්වූ දායකත්වය සැමවිටම සිහිපත් කරනු ඇති බවයි.


ඔහුගේ දේහය කත්මණ්ඩු නුවර පිහිටි ආරාමයකට ගෙන ගොස් ඇති අතර ඔහු මේ සතිය අගදී ආදාහනය කරනු ඇතැයි වාර්තා වේ. ටිබෙට් උරුමයෙන් පැවත එන ෂර්පා ප්‍රජාව හිමාලයානු කලාපයට ආවේණික වූ ජනවාර්ගික කණ්ඩායමකි. නමුත් නේපාලයෙන් පිටත බොහෝ දෙනෙකුට “ෂර්පා” යන වචනය කඳුකර මාර්ගෝපදේශකයින් ලෙස සේවය කරන අය සඳහා භාවිතා වේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

362 Views

Comments

arrow-up