ඇමරිකාවේ උප ජනාධිපති සහයට එන යාපනයේ රෝහිණී

ඉන්දීය - ජැමෙයිකානු මිශ්‍ර සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියකු වූ කමලා හැරිස් එරට ප්‍රථම කාන්තා උප ජනාධිපතිවරිය වීම නිසා ඇය ගැන පුවත් මැවී අවසන්. මේ නවතම පුවත වාර්තා වන්නේ ඇයගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පිළිබඳවයි. ඇයද හැරිස් මෙන් විදේශීය සම්භවයකින් යුක්ත තරුණ කාන්තාවකි. රෝහිණී ලක්ෂ්මී රවීන්ද්‍රන් කොසග්ලූ වන ඇය ලාංකීය සම්භවයක් සහිත යාපනයේ දෙමළ පවුලක සාමාජිකාවකි.
කමලා හැරිස් සෙනෙට් සභාවේ සාමාජිකාවක් වූ පසු 2017 වසරේ රෝහිණී ඇයගේ කාර්ය මණ්ඩලයට එක්ව සේවය කර තිබේ. යාපනයේ වැසියකු වූ වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවීන්ද්‍රන් ඇයගේ පියා වන අතර මව ශොභානා රවීන්ද්‍රන්ය. 1980 ජූලි කලබල හේතුවෙන් ඔවුන් ලංකාව අතහැර ඇමරිකාවේ පුරවැසිභාවය සහිත පදිංචියට ගොස් තිබේ. වෛද්‍ය රවීන්ද්‍රන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර තිබේ. මෙම යුවලගේ දියණිය රෝහිණි ඇමරිකාවේදී උපත ලබා ඇති අතර ඇය පසුකාලීනව සෙනෙට් සභිකයන් කිහිප දෙනෙකුගේම කාර්ය මණ්ඩලයේ සේවය කර ඇති බව වාර්තා වේ. 2017 වසරේ කමලා හැරිස්ගේ සේවයට එක්වූ ඇය 2018 වසරේ එම කාර්යමණඩල ප්‍රධානියා ලෙස උසස්වීම ලැබූ අතර පසුව ඇගේ උපදේශිකාව ලෙස ක්‍රියාකර තිබේ. පුතුන් තිදෙනකුගේ මවක් වන රෝහිණී විවාහයෙන් පසු කොසග්ලූ යන සැමියාගේ වාසකම භාවිත කරයි.
ඇතැම් පිරිස් අනාවැකි පවසන්නේ රෝහිණී හා කමලාගේ සුසංයෝගයත් හැරිස්ගේ ඉන්දීය සම්භවය මෙන්ම රෝහීණීගේ ශ්‍රී ලාංකීය සම්භවයද නිසා අනාගතයේදී ඇමරිකාව ශ්‍රී ලංකාවට අහිතකර තීන්දු තීරණවලට එළඹීමේ වැඩි ඉඩක් පවතින බවයි. විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවට වාසිදායක තීන්දු ගැනීමටද වැඩි ඉඩක් පවතින බව ඔවුන් ප්‍රකාශ කරන්නේ කමලා හැරිස් ගේ ඉන්දීය සම්භවය නිසයි. නමුත් කමලා සහ රෝහිණී උපතින්ම ඇමරිකානු පුරවැසියන් වන අතර ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පමණක් ආසියාතික රටවල උපත ලබාතිබේ. මේ නිසා බොහෝදෙනා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අනෙක් සෑම ඇමරිකානුවන් හා සමාන වන බවයි. ඒ හැර ඔවුන් දෙදෙනාටම ඉන්දියාව හෝ ලංකාව සමඟ වෙනත් සබඳතා නොමැත. එසේම ඔවුන් තීන්දු තීරණ ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය මත පමණක් පදනම් වනු ඇති මිස සිය පෞද්ගලික ඥාතීත්වයන් ඒ සඳහා හේතුවක් කර නොකර ගනු ඇති බවට වැඩිදෙනා විශ්වාස කරයි.
ඊට හොඳම උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති බරැක් ඔබාමායි. ඔහුද අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවකු වූ අතර නාමික උප ජනාධිපති නොව සියලු බලතල සහිත ඇමරිකානු ජනාධිපති ධූරය වසර 8ක් පුරා ඉසිලීමේදී සිය සම්භවය සලකා තීරණ නොගත් බව පැහැදිලිය.
by Dilki Shamani
Photo source : Internet
433 Views
Comments