අවුරුදු 91න් උපාධිය ගත් අත්තම්මා

ඉගෙනීමට වයස බාධකයක් නොවිය යුතු බව 91 හැවිරිදි කිම්ලාන් ජිනකුල් එය ඔප්පු කර ඇත. තායිලන්ත කාන්තාවක 91හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී ඇති බව වාර්තා වේ. මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි. බැංකොක් වෙත ගිය පසු ඇය විවාහ වූ අතර දරුවන් වෙනුවෙන් කැපවීම හේතුවෙන් ඇයටඅධ්‍යාපනය නතර කිරීමට සිදුවිය.
ඉන්පසු ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් උපාධි ලබාගනු දැක නැවතත් ඇයට ඒ සඳහා උවමනාවක් ඇතිවුණු බවත් දැඩි අධිෂ්ඨානය සහ කැපවීම හේතුවෙන් උපාධිය සම්පූරණ කැර ගැනීමට ඇයට හැකියාව ලැබුණ බවත් මෙම වයස්ගත උපාධිධාරිණිය පවසා ඇත.
වයස අවුරුදු 72 දී ආච්චි කිම්ලාන් තම දියණියක සමඟ අධ්‍යාපනය හැදෑරීමට තීරණය කළාය. අවාසනාවකට මෙන්, ඇගේ දියණිය හදිසි අනතුරකට මුහුණ දී අභාවප්‍රාප්ත වූ අතර, ඇය නැවත වරක් ඇගේ අධ්‍යයන කටයුතු නවතා දැමුවාය. නමුත් ඇය මුහුණ දුන් බොහෝ බාධක මධ්‍යයේ වුවද නැවතත් ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ අසූපස් වන වියේදීය. ඇය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ සුඛෝතායි තමමාතිරත් විවෘත විශ්ව විද්‍යාලයෙන් මානව හා පවුල් සංවර්ධනය පිළිබඳ විෂයයි.
මෙම මිත්තනියගේ දරුවන් හතරදෙනකු විශේෂ උපාධි ලබා ඇති අතර එක් අයෙකු ආචාර්ය උපාධියකට හිමිකම් කියයි. උපාධිය ලබාගත්තත් රැකියාවක යෙදීමට බලාපොරොත්තුවක් නොමැති බවත් දරුමුනුබුරන් සමග සතුටින් ජීවත් වන බවත් ඇය තවදුරටත් පවසයි. මෙම උපාධිධාරී අත්තම්මා පැවසුවේ ඇය එදිනෙදා ජීවිතයේදී පුහුණුවීමට ඉගෙන ගත් සියලු දැනුම ලබා දෙන නිසා ඇය ශක්තිමත්ව හා සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි. ඇය අධ්‍යාපනයේ වැදගත්කම ද අවධාරණය කරමින්, “අපි ඉගෙන නොගන්නේ නම් සහ කියවන්නේ නැත්නම්, අපි කිසිවක් නොදැන සිටිමු. නමුත් අපි දිගටම ඉගෙන ගන්නවා නම්, අපේ සමාජයේ, අපේ රටේ සහ අපේ ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න අපට වැටහෙනු ඇත. ” යනුවෙන් පවසයි.
මේ වන විට වයස අවුරුදු 60 ට වැඩි සිසුන් 199 ක් සුඛෝතායි තමමාතිරත් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති. අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට විද්‍යාලය අඛණ්ඩව සහයෝගය ලබා දෙන අතර ඔවුන්ට නොමිලේ ඇතුළුවීමේ පිරිවැය, දුර ගමන් ඉගෙනීම සහ ලබා දී ඇති සියලුම අධ්‍යයන ද්‍රව්‍ය සමඟ පහසු බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ලබා දෙනු ඇත.
by Dilki Shamani
Photo source : Internet
355 Views
Comments