මිලියනපතිනියක් වූ සිඟමන් යැදි දැරිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
11

මිලියනපතිනියක් වූ සිඟමන් යැදි දැරිය

මිලියනපතිනියක් වූ සිඟමන් යැදි දැරිය

කෙනෙකුගේ වාසනාව කොහේ සැඟවී තිබේදැයි කිව නොහැක. අන්තර්ජාල තරුවක් වනපිලිපීන ජාතික රීටා ගැවියෝලා ද එවැන්නියකි. දාහත් හැවිරිදි යොවුන් තරුණියක් වන ඇයගේ අහම්බයෙන් ගත් ඡායාරූපයක් නිසා කෝටිපතිනියක් වූ සිඟමන් යැදි දැරියකි. පසුගිය වසරේ ඇගේ ඇස්තමේන්තු ගත ශුද්ධ වත්කම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 426,000ක් පමණ වන බව ඔබ දන්නවාද?

 

අන්ත දුගී පවුලක සාමාජිකාවක ලෙස 2003 වසරේ මැයි මස 13 වැනිදා රීටා උපත ලැබූ අතර ඇයගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් පස්දෙනෙකුට දිනකට එක ආහාර වේලකින් සෑහීමට පත්වීමට සිදුවිය. රීටාගේ පියා මසුන් මරන්නෙකු, කුණු කසළ එකතු කරන්නකු සහ වීදි වෙළෙන්ඳෙකු ලෙස සේවය කළ අයෙකි. රීටා සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනාටම ඒවන විට පාසල් අධ්යාපනය හරි හැටි නොලැබුණි. පවුලේ ආර්ථික අර්බුදවලට විසදුම ලෙස පාසල් නිමවීමෙන් පසු සිඟමනේ යෑමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට රීටාට සිදුවිය.

 

ටෝෆර් ක්වින්ටෝ බර්ගොස් නම් ඡායාරූප ශිල්පියා විසින් 2016 වසරේ මැයි මස පිලිපීනයේ කේසොන් පළාතේ ලුක්බාන් නගරයේ පැවැති පහියාස් උත්සව අතරතුර එවකට 13 හැවිරිදි වියේ පසුවූ රීටා සහ ඇගේ දෙහැවිරිදි සොයුරිය සමග සිඟමනේ යෙදෙමින් සිටින ඡායාරූපයක් ගෙන එය අන්තර්ජාලයේ පළකර තිබේ. එරට ‘‘මුහුදු අහිගුණ්ඨිකයින්’’ යන තේරුම ඇති ස්වදේශීය ජන කොට්ඨාසයක් හඳුනවන ‘‘බාද්ජාවෝ යුවතිය’’ ලෙස අන්තර්ජාලය පුරාම දැඩි අවදානයට ඇය ලක්වූයේ ඇයගේ දුඹුරු පැහැති සම, සිත් ඇදගන්නාසුලු හකු ඇටයේ පිහිටීම, උස් කම්මුල් ඇටයේ පිහිටීම, සිත් වශී කරගන්නා වූ ඇස් සහ ජාත්යන්තර තලයේ නිරූපිකාවකගේ මෙන් ශාරීරික පිහිටීම නිසයි. ඒ වන විට පරිගණක භාවිතයට කිසිවක් නොදැන සිටි රීටාගේ මෙම ඡායාරූප2015 දී පිලිපීන ලෝක රූ රැජින වූ හිලරි ඩැනියෙල් පරුන්ගාවෝ, 2014 පිලිපීන ජාත්යන්තර රූ රැජින වූ බියංකා ගිඩොටි සහ 2015 මිහිකත රූ රැජින වූ ඒන්ජලීයා ඔංග් ගේ අවධානයට ලක්විය.

 

 

එම සිදුවීම ඇගේ ජීවිතයට වාසනාව රැගෙන ආවේය. ඇයගේ සිත් ගන්නා සුලු හැඩරුව නිසාම දහස් ගණනක් වූ සමාජ ජාල පරිශීලකයින් අතර ජනප්රිය වන රීටා දැන් පිලිපීනයේ විවිධ වෙළෙඳ සන්නාමවල නිරූපණය සඳහා මෙන්ම එරට රූපවාහිනී කතා මාලාවල චරිත වලට දායක වෙයි. බිග් බ්රදර් ඩු නම් ලොව ප්රසිද්ධ රියැලිටි ප්රසංගයේ අඩු වයසින් සහභාගී වූ තරුවද රීටාය. එදා අහම්බෙන් ඡායාරූපගත වූ සිය හැඩරුව නිසා ඇයටත් ඇගේ පවුලේ උදවියටත් වාසනාව හිමිවූ අතර ඊටා දැනට ඉගෙනීමට මුල්තැන දී සිටින අතර ලද විවේකයෙන් මෝස්තර නිරූපණ ශිල්පයේ නියැළෙන බව වාර්තා වේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

265 Views

Comments

arrow-up