කුණුගොඩෙන් පොත් එකතු කර පුස්තකාලයක් තැනූ මිනිසා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

කුණුගොඩෙන් පොත් එකතු කර පුස්තකාලයක් තැනූ මිනිසා

කුණුගොඩෙන් පොත් එකතු කර පුස්තකාලයක් තැනූ මිනිසා

කොලොම්බියාවේ, බොගෝටා හි අපද්‍රව්‍ය කළමනාකරණ සමාගමෙහි කුණු ට්‍රක් රථ රියදුරෙකු ලෙස සිය රැකියාව 1997 දී ආරම්භ කරන හොසේ ඇල්බර්ටෝ ගුටරෙස් නගරයේ බටහිර පැත්තේ ඔහුගේ රාත්‍රී සේවා ගමනේ යෙදී සිටියදී, ඔහු කුණුගොඩට දමා ඇති ඉවතලූ පොත් රාශියක් දුටුවේය.

පුදුමයට පත් ඔහුට එම මොහොතේ යම් අදහසක් සිතට නැගුණේය.
ඔහු සිතුවේ එසේ පොත් රාශියක් ඉවත ලන එක නාස්තියක් බවයි. එබැවින් ඔහු ඉවතලන් පොත් සියල්ල එකතු කර ගැනීමට තීරණය කළේය.

එයට ප්‍රධානතම හේතුව වූයේ, ඔහු ජීවත් වන ප්‍රදේශවල ඉතා විශාල ප්‍රමාණයක් දරුවන්ට ඉගෙනීමට පහසුකම් නොමැති වීමෙනි. ඒ වන විට තත්ත්වය ඉතා භයානක විය. බාලවයස්කාර ගැහැනු ළමුන් ඉතා කුඩා වයසේදීම ගැබිණි මව්වරුන් මෙන්ම පිරිමි ළමුන් මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් නිසාවෙනි.

ගුටරෙස් සිය බිරිඳගේ උදව්වෙන් තම නිවසේ ප්‍රජා පුස්තකාලයක් ඉදිකිරීමට තීරණය කළේය. එතැන් පටන් ගුටරෙස් මහතා ඔහුගේ මෙම එකතුවෙන් මුළු කොලොම්බියාව පුරාවටම පොත් දහස් ගණනක් පරිත්‍යාග කර ඇත.

ඔහු සිය ජීවිතයේ අවසාන දශක දෙක කොලොම්බියාවේ පුස්තකාල, පාසල් සහ කියවීමේ මධ්‍යස්ථාන 450 කට වැඩි ප්‍රමාණයක් කුණු කසළ වලින් ගොඩ ගත් පොත් වලින් පුරවා ඇත. ඔහුව මේ වන විට “පොත් වල අධිපතියා” යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වයි.

 

 

 


කොලොම්බියානුවන් 22,000 කට වැඩි පිරිසකට, ප්‍රධාන වශයෙන් රට පුරා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දුෂ්කරතා මැද සිටින දුවා දරුවන්ට යහපත් අනාගතයක් ගැන සිතීමට මොහුගේ පොත් පත් උපකාර කර තිබේ.

වසර දහයකට පසු එය ෆන්ඩාසියන් ලා ෆුවර්සා ඩි ලාස් පලබ්‍රාස් හෙවත් (පවර් ඔෆ් වර්ඩ්ස් ) පදනම බවට පත් වි. එතැන් සිට ගුටරෙස් විසින් විද්‍යාව, සාහිත්‍යය, ව්‍යාපාර සහ වෛද්‍ය විද්‍යාව වැනි පුළුල් විෂයයන් 50,000 කට අධික පොත් ප්‍රමාණයක් කුණුගොඩෙන් බේරාගෙන බෙදා හැර ඇත.

පවර් ඔෆ් වර්ඩ්ස් පදනමෙහි ක්‍රියාවලිය සරල නමුත් වඩාත් ඵලදායී වේ. එය ක්‍රියාත්මක වන්නේ පළමුව, පදනමට රටේ ඕනෑම ප්‍රදේශයක, පොත් පරිත්‍යාග කිරීමට හෝ ලැබීමට කැමති අයෙකුගෙන් ඇමතුමක් ලැබේ.

එවිට ගුටරෙස් සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ ගමනාන්තය අනුව පිළිවෙළ තෝරා ගනී - ළමා පොත්, සාහිත්‍ය හෝ විද්‍යාත්මක. දුර ප්‍රමාණය අනුව, සංවිධානය විසින් තමන්ගේම වාහනයකින් පොත් ලබා දෙනු ඇත, නැතහොත් බෙදා හැරීම සඳහා හොඳම ක්‍රමය සොයනු ඇත. අද වන විට, ඔවුන්ගේ උත්සාහය නිසා රටේ ප්‍රදේශ 450 කට වැඩි ගණනකට ළඟා වීමට ඔවුන්ට හැකි වී තිබේ.

2017 අවසානයේදී, එහි තවත් අත්තිවාරමක් ලෙස දකුණු කොලොම්බියාවේ හියුටොටකුවෙයිමානේ ආදිවාසී ප්‍රජාවට ගුවන් යානා මගින් පොත් පෙට්ටි පහක් යවා ඇත. දින කිහිපයකට පසු, ප්‍රජාවේ එක් නායකයෙක් වීඩියෝ පණිවුඩයක් මගින් පිළිතුරු දෙමින් කියා සිටියේ කලාපයේ සියලුම ආදිවාසී ප්‍රජාවන් සඳහා පොත් අවශ්‍ය බවත් ඔවුන් එය රැගෙන එනතුරු බලා සිටින බවත්ය.

"පොත් මාගේ ජීවිතය පරිවර්තනය කළ නිසා පොත් ලබා දීමෙන්, එම ස්ථාන සඳහාද බලාපොරොත්තුවේ සංකේතයක් වේ යැයි මම සිතමි. ඒවා සාමයේ සංකේතයක් ”යැයි ගුටරෙස් මහතා පැවසීය.

දැන් ඔහුගේ 50 දශකයේ දී ගුටරෙස් මහතා තවත් දෙයකට යොමු වීමටයි අදහස ඒ පළමු වතාවටම ඔහුට මඟ හැරුණු පාසල් අධ්‍යාපනය නැවත ලබා ගැනීම සඳහා යාමයි.

සුවහසකගේ දෑස් පෑදූ මෙවැනි මිනිසුන් දැයට ශක්තියක් බදුයි.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

views

260 Views

Comments

arrow-up