කකුල් තුනේ ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

කකුල් තුනේ ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි

කකුල් තුනේ ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි

අසාමාන්‍ය පිහිටීමෙන් යුතු ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි උපත ලබලා තියෙන්නේ 1889 ඉතාලියේ රොසොලිනෝ ප්‍රදේශයේ දරුවන් එකොලොස් දෙනෙකුගෙන් යුත් පවුලක. නමුත් ඔහුගේ දෙමව්පියෝ ෆ්‍රැන්චෙස්කෝව හදාවඩා ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබුන නිසා පුංචි කාලේ ඉඳලා ෆ්‍රැන්චෙස්කෝට තිබුණු මේ අසාමාන්‍ය පිහිටීම නිසාම එයාගෙ නැන්දා එයාව හදාවඩා ගෙන තියෙනවා. ෆ්‍රැන්චෙස්කෝට උපතින්ම කකුල් තුනක් අඩි හතරක් ඇඟිලි දාසයක් සහ ලිංගික අවයව දෙකක් පිහිටලා තිබුන බව ඔබ දන්නවාද?

ලෙනිටිනි පරික්ෂා කරපු වෛද්‍යවරුන් නිගමනය කරලා තියෙන්නේ ඔහුගේ තුන්වන පාදය නොදියුණු සිරුරක කොටසක් ලෙසින් ඔහුට බද්ධ වෙලා තියෙනවා කියලා. අද වගේ බද්ද නිවුන් දරුවන් වෙන් කරන්න දියුණු තාක්ෂණයක් ඒ කාලේ නොතිබීම නිසාම ලෙනිටිනිගෙන් මේ පාදය ඉවත් කරන එක අවදානම් සහගත වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු තීරණය කළා. ඒ නිසාම අවසාන තීරණය වුණේ ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනිගේ මේ අසම්පූර්ණ පාද එක්ක මුළු ජීවිත කාලයම ගෙවන්න වෙන එක. ලෙනිටිනිට අවුරුදු හයක් විතර වෙනකොට එයාගේ සාමාන්‍ය කකුල් ටික ටික වෙනස් වුණා. කකුල්වල දිග වෙනස් වුණා. එක කකුලක් අඟල් තිස් නවයක් විතර වෙනකොට අනික් කකුල අඟල් තිස් අටක් විතර වුණා. එයාගෙ අසාමාන්‍ය පාදයේ දිග වුනේ අඟල් තිස් හයක් විතර. ලෙනිටිනිව එයාගේ නැන්දා ආබාධිත පුද්ගලයන් සඳහා වෙන්වුන විශේෂ සායනයකට යැව්වා

 

 


එහිදී එයාට වැඩිය ආබාධ වලින් පෙළෙන තරුණ තරුණියන් ලෙනිටිනිට මුණගැසුණා. අන්තිමේදී ඔහු තීරණය කළා එයාගේ අසාමාන්‍ය පාදයට වෛර නොකර එය පිළිගන්න. අවුරුදු නමයේදී ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙමින් රින්ග්ලි බ්‍රදර්ස් සර්කස් කණ්ඩායමට එකතු වෙලා ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි වෙනුවට ග්‍රේට් ලෙනිටිනි නමින් රංගනයට දායක වෙන්න පටන් ගත්තා. ඔහුගේ රංගනයන් මිනිස්සුන්ගේ සිත් ඇදගත්තා. වයස අවුරුදු තිහේදී ලෙනින්ට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගත්තා. තමන් ආදරය කරපු මේ වෘත්තීය ඔහු වසර හතළිහක් පුරාවට සාර්ථකව කරගෙන ගිය ඔහු බර්නාම් සහ බේලි, බෆලෝ බිල්ගේ වයිල්ඩ් වෙස්ට් ප්‍රදර්ශන වගේම සෑම ප්‍රධාන සර්කස් සහ සයිඩ් ෂෝ වැඩසටහන් සමග ඔහු කටයුතු කලා. මේ වැඩසටහන් වලදී ඔහු පාද තුනෙන් පාපන්දු ක්‍රීඩා කළා. මේ නිසා ඔහු කකුල් තුනේ පාපන්දු ක්‍රීඩකයා ලෙස සැණකෙලි වල ප්‍රදර්ශනයට පෙනී සිටියා. ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි ඔහුගේ සම වයසේ මිතුරන් අතර මොනතරම් ගෞරවයට පාත්‍ර වුණා ද කිව්වොත් ඔහු බොහෝ විට හැඳින්වේ රජු විදිහට.
ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනි ඔහුට වැඩිය අවුරුදු තුනක් බාල තෙරේසා මරේ සමඟ විවාහ වුණා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක් සිටියා. සාමාන්‍ය ප්‍රමාණයේ වැඩිහිටියෙකු වුන ෆ්‍රැන්චෙස්කෝ ලෙනිටිනිගේ බර රාත්තල් 175ක් පමණ වූ අතර එයින් රාත්තල් විසිපහක් තිහක් විතරම ඔහුගේ තුන්වැනි කකුල වෙනුවෙන් වෙන් වුණා. සාමාන්‍ය මිනිසෙකුට වඩා 15%ක් විතර වැඩියෙන් ආහාර පරිභෝජනය කරන්න ලෙනිටිනි පුරුදු වුණේ ඔහුගේ අමතර අවයව පෝෂණය කරන්න අවශ්‍ය වුණු නිසා.
මේ අමුතු මිනිසා 1966 සැප්තැම්බර් 22 දින මියයන විට වයස අවුරුදු 77ක්. හදිසියේ ඇතිවුණු පෙනහලු රෝග රෝගාබාධයකින් ඔහු මියගියා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

385 Views

Comments

arrow-up