හුසේන් බෝල්ට් පැරදූ ඉන්දියාවේ ගවුඩා

ලොව වේගවත්ම මිනිසා ලෙස මෙතෙක් විරුදාවලි ලැබුවේ ජමෙයිකා ධාවන ශූර උසේන් බෝල්ට්ය. නමුත් මේ සූදානම් වන්නේ උසේන් බෝල්ට්ටත් වඩා වේගයෙන් දුවන මිනිසකු ගැන ඔබට කියන්න.
අසල්වැසි ඉන්දියවේ කර්ණාටක ප්රාන්ත වැසියකු වන ශ්රීනිවාස් ගවුඩා නම් ඔහු වයස අවුරුදු 28 පුද්ගලයෙකි. මේ නිසාම ඔහු ‘ඉන්දියාවේ උසේන් බෝල්ට්’ යන නාමයෙන් හැඳින්වීමට ඉන්දීය මාධ්ය කටයුතු කරයි. ශ්රීනිවාස් ගවුඩා කම්බාලා’ තරගාවලියේ ගවයන් සමඟ ධාවකයෙක් වන ඔහු මලළ ක්රීඩකයකු නොවෙයි. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පැවැත්වෙන කුළු ගවයන්ගේ ධාවන තරගාවලිය‘කම්බාලා’ ලෙස හැඳින්වේ. එම තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙන අතර එය් සංවිධානය කරන්නේ, ඊට අනුග්‍රරහය ලබා දෙන්නේත් ‘තුලූවා’ නම් දකුණු ඉන්දියාවේ පාරම්පරික ඉඩම් හිමියන්ගේ එකමුතුව විසිනි. කර්ණාටක ප්‍රාන්තයේ, ‘දක්ෂිණ කණ්නාඩ’ සහ ‘උඩුපි’ යන දිස්ත්රික්ක වල ගම්මාන රැසක තරඟාවලි 45 ක් ලෙස මෙම ‘කම්බාලා’ තරග පැවැත්වේ. මෙවර ‘කොවිඩ් 19’ වසංගත උවදුර මැද පැවැත්වුණු අතර, ලොව පුරා කාගේත් අවධානයට ලක් වෙමින් එහි ජයග්‍රහකයා වූයේ ශ්රීනිවාස් ගවුඩා නම් මේ සුපිරි ධාවකයායි.
මෙම තරගයකදී සිදුවන්නේ තරඟ වදින ධාවකයකු මී ගවයන් දෙදෙනකු මඩ පිරි කුඹුරක, දිනුම් කණුව තෙක් වේගයෙන් දිව යෑමට සැලැස්වීමයි. එහිදි අඩුම කාලයකින්, වැඩිම වේගයකින් දිනුම් කණුව පසු කරන මී ගවයන් ජයගනු ලබන අතර පසුගිය තරගාවලියේ දී ගවුඩා නව වාර්තාවක් පිහිටවා තිබේ. මී ගවයන් දෙදෙනා සමඟ මීටර් 142 ක දුරක්, තත්පර 13.42 කින් දිවීමෙන් ඔහු එම වාර්තාව පිහිටුවා ඇත. ගවුඩා ගවයන් දෙදෙනා සමඟ දිවගියේ පැයට කිලෝ මිටර් 56 ක වේගයක් වාර්තා කරමින්. ලොව වේගවත්ම මිනිසා ලෙස හුසේන් බෝල්ට් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ තත්පර 9.58 කින් මීටර් 100 ඉසව්ව නිමා කරමිනි.
මේ අනුව ක්රීඩා දෙකක් වුවද ගවුඩා ලෝක පූජිත බෝල්ට් අභිබවා ගොස් තිබේ. ඔහුගේ දක්ෂතාව නිසාම ඉන්දීය රජය මලල ක්රීඩකයකු ලෙස ඉදිරියට යන්නට ගවුඩාට අවශ්ය ජාත්යන්න්තර මට්ටමේ පුහුණුව ලබා දීමට සූදානම් වන බව වාර්තා වන නමුත් ගවුඩා එය ප්රතික්ෂේප කර තිබේ. ගවුඩා කම්බාලා තරගාවලියේ දී ගවයන් මෙහෙයවන ධාවකයකු වුවත් ඔහු කුලී වැඩ කරමින් කොන්ත්රාත් වැඩ කරමින් ජීවත් වන තරුණයෙකි. එසේම ඔහු මී ගව ධාවකයකු වශයෙන් වසර 7 ක් තිස්සේ කම්බාලා තරඟාවලියට සහභාගී වේ. බීබීසී හින්දි නාලිකාව වෙත අදහස් ප්රකාශ කරමින් ගවුඩා ප්රකාශ කරන්නේ "මා මලල ක්රීඩකයකු නොවෙයි. මා දුවන්නේ කළු හරකුන් සමඟ. කුඹුරේ දුවන්නයි මා දන්නේ. මගේ එක් පාදයක ආබාධයක් තිබෙනවා. ආබාධය සමඟයි මා දුවන්නේ. මලල ක්රීඩා මට සුදුසු නැහැ." යනුවෙන්.
by Dilki Shamani
Photo source : Internet
415 Views
Comments