සංචාරක කර්මාන්තයේ වාහන සඳහා දුන් කල්බදු සහනය තවත් මාස 06කින් දීර්ඝ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

සංචාරක කර්මාන්තයේ වාහන සඳහා දුන් කල්බදු සහනය තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

 සංචාරක කර්මාන්තයේ වාහන සඳහා දුන් කල්බදු සහනය තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

COVID-19 වසංගතයෙන් සංචාරක අංශයේ ව්‍යාපාර සහ පුද්ගලයින් කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් හි (මෙතැන් සිට මූල්‍ය ආයතන ලෙස හඳුන්වනු ලැබේ) සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ට පහත සහන පියවර ක්‍රියාත්මක කරන ලෙස චක්‍රලේඛයක් ඊයේ දින (16) නිකුත් කර තිබේ.

 

ඒ අනුව,

 

1. සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත වාහන සඳහා ලබා දී ඇති කල්බදු පහසුකම්වල ප්‍රාග්ධන හිඟ මුදල් සම්බන්ධයෙන් 2020 මාර්තු 27 දින නිකුත් කරන ලද 2020 අංක 05 චක්‍රලේඛයේ 2 සහ 3 ඡේදවලට අනුව දැනට පවත්නා මාස 6 ක තාවකාලික කාල සීමාව මාස 12ක් දක්වා මූල්‍ය ආයතන විසින් දීර්ඝ කළ යුතුය.

 

2. ඉහත (1) ඡේදයේ සඳහන් සුදුසුකම් ලත් ණය ගැතියන්ගෙන්, තාවකාලික කාල සීමාව තුළ මූල්‍ය ආයතන විසින් ණය ගැනුම්කරුට අපහසු නොවන අයුරින් පොළිය අය කර ගත හැකිය.

 

3. සංචාරක කර්මාන්තය ආශ්‍රිත වාහන සඳහා ලබා දී ඇති කල්බදු පහසුකම් සම්බන්ධයෙන් ගෙවිය යුතු දඩ පොලිය මූල්‍ය ආයතන විසින් අත්හැර දැමිය යුතුය.

 

 

views

651 Views

Comments

arrow-up