වසර 5කට පසු චීනයෙන් ඉහළම කොටස් වෙළඳපල අගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

වසර 5කට පසු චීනයෙන් ඉහළම කොටස් වෙළඳපල අගයක්

වසර 5කට පසු චීනයෙන් ඉහළම කොටස් වෙළඳපල අගයක්

කොරෝනා වෛරසයේ මූල බීජය හමුවූ චීනයෙන් 2015 සිට වාර්තා වී ඇති චීනයේ විශාලතම දෛනික කොටස් වෙළඳපළ ඉහළ යාම පසුගියදා වාර්තා වුණා. ආර්ථික ප්‍රකෘති අඩාල කිරීමට තර්ජනය කරමින් ලොව පුරා සියලු ව්‍යාපාර බිඳවැටෙමින් පවතින තත්ත්වයකදී ගෝලීය කොටස් වෙළඳපළේ අගය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. චීන මිනුම් දණ්ඩ වන සංයුක්ත දර්ශකය වන ෂැංහයි සංයුක්ත දර්ශකයෙන් ආයෝජකයන් පෙරමුණ ගත් අතර එය පසුගිය සදුදා 5.8% කින් ඉහළ ගොස් වසර පහක් තුල එහි විශාලතම දෛනික වර්ධනය වාර්තා කළා. ආසාදන තත්වයන් සමඟ පොරබදිමින් සිටින අනෙකුත් ප්‍රධාන රටවලට වඩා වේගයෙන් වඩා හොඳ වේගයකින් චීනය මෙම වෛරස තත්වය පාලනය කර ඇති බව වාර්තා වන අතර චීන විශ්ලේෂකයන් අනාවැකි පළකරන්නේ ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම සඳහා ලාභ අරමුදල් යෙදවීමෙන් කොටස් උත්තේජනය වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බවයි.

ලොව විශාලතම ආර්ථිකය එක්සත් ජනපදයේ ප්‍රාන්ත 41ක කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර ෆ්ලොරීඩා හි දිනෙන් දින එහි වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරනවා. නිව්යෝර්ක් ඕන්ඩා හි ජේෂ්ඨ වෙළඳපොළ විශ්ලේෂක ඩේවිඩ් මොයා පැවසුවේ පැවසූයේ වෝල් ස්ටීට් පිටියේ S& P 500 සදුදා අඛන්ඩව පස්වන දින ලාභය 1.5% කින් ඉහළ නැංවීමත් සමඟ වෛරස ව්‍යාපෘතිය වේගවත් වීමත් සමග වෙළඳපල අගය කෙරෙහි එය බලපාන බවයි. යුරෝපය සහ එක්සත් ජනපද වෙළඳාම චිනය කෙරෙහි දැඩි නිරාවරණය කැති අංශය අංශයන්හි ආර්ථික ආවරණය වන දත්ත අඛණ්ඩව පැමිණීමෙන් ක්‍රියාකාරීත්වයට පත්වී නැවත ආයෝජනය කරන බව සඳහන් වෙනවා.

 


ලන්ඩනයේ FTSE 100 2.1% කින් ඉහළ ගොස් ඇති අතර එය 2020 දී උපරිමයට වඩා 16% කින් අඩුවී ඇත. එක්සත් රාජධානිය භාණ්ඩාගාරික චාන්සෙලර් විසින් මුද්දර ගාස්තු හරහා නිවාස වෙළෙඳපොළට සහාය ලබාදීමට අපේක්ෂා කරන බව වාර්තා කරනවා. ඩොලර් ලක්ෂ පහක් වටිනා දේපළ සඳහා සහන ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේ එක්සත් ජනපද රැකියා සංඛ්‍යා ලේඛනවල පසුබිමට එරෙහිව වාර්තාව නිකුත් කරන ලද අතර එය පසුගිය මාසේ වාර්තාගත ශුද්ධ රැකියා මිලියන 4.8ක් නිර්මාණය කර ඇති නමුත් ඉන් වැඩි ප්‍රමාණයක් ගිණුම් ගත කර ඇත්තේ නැවත සේවයට බඳවා ගැනීම් වශයෙන්. තනි විශ්ලේෂණ මිලදී ගැනීම් ශ්‍රේණිගත කිරීමෙන් පසුව පසුගිය මාසයේ සිට ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ටෙස්ලා සඳුදා එකක් අදියරකදී 10% කින් ඉහළ දමා තිබෙනවා. වෛරස බලපෑම කෙසේ වුවත් ලෝක බලවතුන්ගේ ආර්ථික වර්ධනය සැලකිය යුතු තරමේ වෙනස්කම් වලට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : news.sky.com

 

views

567 Views

Comments

arrow-up