වැටෙන ආර්ථිකය ගොඩගන්න පුළුවන් ක්‍රම
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

වැටෙන ආර්ථිකය ගොඩගන්න පුළුවන් ක්‍රම

වැටෙන ආර්ථිකය ගොඩගන්න පුළුවන් ක්‍රම

කොරෝනා වසංගතය නිසා ලොව පුරා රටවල් වල ආර්ථිකය දරුණු ලෙස ඇද වැටෙමින් තියෙනවා. එය ලංකාවටත් පොදු කාරණයක්. නමුත් මේ පිළිබඳ විවිධ විද්වතුන් මත පළ කර ඇති අතර ඒ අනුව ඔවුන් විසින් ඉදිරිපත් කරන පහත සඳහන් මූලික යෝජනා රට තුළ සක්‍රීයව ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට හැකි වන බව වාර්තා වෙනවා.

සමස්ත පොලී අනුපාත හා මූල්‍ය ගාස්තු පහළ දැමීම


එංගලන්තය ඇමරිකාව කැනඩාව ජපානය වැනි රටවල මහ බැංකුව විසින් දැනටමත් බැංකු පොළී අනුපාත අඩු කරමින් ව්‍යාපාර දිරි ගැන්වීමට කටයුතු කරමින් සිටිනවා. ව්‍යාපාරික ණය උකස් ණය වෙනුවෙන් ඉතා විශාල පොලී අනුපාතයන් අය කරන රටක් වශයෙන් නැගී එන ආර්ථික අර්බුද නිසා ව්‍යාපාරවල ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට පොලී අනුපාත පහළ හෙළීම සාර්ථක විකල්පයක් වෙනවා.

ආනයන සහ අපනයන බැංකු කටයුතු ලිහිල් කිරීම


විශේෂයෙන්ම පවතින තත්ත්ව අනුව අත්‍යවශ්‍ය බෙහෙත් ආහාර ද්රාව්ය හා අනෙකුත් ආනයන සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත තුළ ගණුදෙනුකරුවන් බැංකු පරිශ්‍රය තුළට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය අවම කරමින් ණයවර ලිපි හැකිතාක් අඩු ලියවිලි ප්‍රමාණයක් මගින් අන්තර්ජාල බැංකුකරණ යටතේ ඉටු කිරීමට අවශ්‍ය තියෙනවා. විශේෂයෙන් නිතිපතා ණයවර ලිපි මගින් ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් සඳහා හැකිතාක් සහන සැලසීම මේ අවස්ථාවේදී දී සිදු කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් අඩු පොලී අනුපාත යටතේ ලබා දිය යුතුයි.

සංචාරක කර්මාන්තය සඳහා විශේෂ සහන දීම


පවතින තත්ත්වය නිසා විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ දැඩි කඩා වැටීමක් සිදු වෙනවා. සංචාරක හෝටල් ප්‍රවාහන සේවා සහ අනෙකුත් සේවාවල නිරත වන ව්‍යාපාර හා තනි පුද්ගලයන්ගේ ආදායම් මාර්ග ඇහිරී පවතින තත්ත්වයක් තුළ ඔවුන් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය හා මූල්‍ය පහසුකමට අදාළ වාරික ගෙවීමේ අපහසුතාවකට මුහුණ දී සිටිනවා. ඒ නිසා ඔවුන්ට සහන සැලසීමත් සිදු කළ යුතුම කාරණයක් වෙනවා.

අන්තර්ජාල බැංකු ගනුදෙනු ප්‍රවර්ධනය සඳහා ජනතා පිරිවැය අවම කිරීම


වසංගත රෝගය බෝවීම පාලනය කිරීම පිණිස හැකිතාක් කාසි හා නෝට්ටු භාවිතය අවම කිරීම පුද්ගලික බැංකුකරණයදී ජනතාව බැංකු ශාඛාව වෙත හෝ ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ හා තැන්පත් කිරීමේ යන්ත්‍ර වෙත පැමිණීම අවම කිරීම සඳහා අන්තර්ජාල බැංකුකරණය ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. දැනට ලංකාවේ ඉතුරුම් ගිනුම් වලට අදාළව කාඩ්පත් මිලියන විස්සකට වඩා නිකුත් කර ඇති අතර එයින් 25%ක් දෙනා අන්තර්ජාල බැංකුකරණ කටයුතුවලට යොමු වුණොත් එහි ජනතා පිරිවැය රුපියල් මිලියන 250 කට ආසන්න සංඛ්‍යාවක්. එම පිරිවැය මෙම කාලසීමාවේදී අවම කරගත හැකි වුනොත් ජනතාව ඒ වෙත ඇදී යාවි.
රජය විසින් සලසා දුන් සහන සඳහා ක්‍රියාත්මක වී ඇත්තේ මේ පදනම බව වාර්තා වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

258 Views

Comments

arrow-up