අනාගත ලෝකයේ නිර්මාණකරුවා Elon Musk

Elon musk දකුණු අප්‍රිකාවේ උපත ලද ඇමරිකානු ව්‍යාපාරිකයෙක්. එමෙන්ම ඔහු paypal සමාගමේ සම නිර්මාතෘ වරයෙක්ද වේ. එමෙන්ම අභ්‍යවකාශ යානා නිපදවන space x ආයතනයේ නිර්මාතෘ වරයා ද ඔහුයි. තවද ඔහු විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කරන Tesla Moters ආයතනයේ වැදගත්ම ආයෝජකයෙක් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයා යි. කුඩා කාලයේ සිටම ඔහු පරිගණක ක්ෂේත්‍රයේ විවිධ දස්කම් පෙන්වූ අයෙක්. දොළොස් හැවිරිදි වියේ දී ම ඔහු වීඩියෝ ගේම් වැඩසටහනක් නිර්මාණය කර එය පරිගණක සඟරාවකට අලෙවි කරන ලදී.
වර්ෂ 1988 දී ඔහු දකුණු අප්‍රිකාවෙන් ඇමෙරිකාව බලා පිටත් වුණා. එයට හේතුව වුණේ ඇමරිකාව යනු ව්‍යාපාරික අවස්ථා බහුල රටක් වීමයි. 1995 වසරේදී ඔහු පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාව හා ආර්ථික උපාධියක් ලබා ගත්තා. නමුත් භෞතික විද්‍යාවට වඩා අන්තර්ජාලය හරහා විශාල පෙරළියක් කළ හැකි බව ඔහු හොඳින්ම විශ්වාස කළා. එහි ප්‍රතිඵලය ලෙසටයි ඔහු අතින් paypal ආයතනය නිර්මාණය වූයේ. මේ ආකාරයට කාලය සමඟ ඔහුගේ දර්ශනය සහමුලින් ම වෙනස් වූවා. ඔහුට අනුව මිනිසාට නොනැසී සිටීමට නම් බහු ග්‍රහලෝක ජීවීන් කොටසක් බවට පත්විය යුතුයි.
ඉන් අදහස් වන්නේ ග්‍රහලෝකවල ජනාවාස පිහිටුවීම අනිවාර්ය කරුණක් බවයි. එම නිසා ඔහු 2002 වර්ෂයේදී space x නම් රොකට් නිෂ්පාදන සමාගමක් ආරම්භ කළා. සමාගමේ ප්‍රධාන අරමුණ වූයේ අභ්‍යවකාශ ප්‍රවාහන වියදම් අවම කිරීම හා අඟහරු මත ජනාවාසයක් පිහිටුවීමයි. එම සමාගමේ ප්‍රථම රොකට් දෙක වූයේ ෆොල්කන් 1 හා ෆොල්කන් 9 යි.තුන්වන රොකට් එක ෆොල්කන් heavy ලෙස නම් කර තිබුණි. එය නිර්මාණය කර තිබුණේ 53000 kg ක බරක් පෘථිවි කක්ෂය වෙත රැගෙන යාමටයි. ඉන්පසු Space x ආයතනය විසින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් කළ හැකි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානාවක් නිර්මාණය කළා. ඉන් ගඟනගාමීන් හත් දෙනකු රැගෙන යාමට හැකියාව තිබෙනවා. 2008 පෙබරවාරි 6 වන දින ෆෝල්කන් heavy රොකට් එක දියත් කරා ටික මගින් tesla roadstar මෝටර් රථයක් රැගෙන යනු ලැබුවා. එම මෝටර් රථය සහිත යානය මේ වන විටත් පෘථිවි කක්ෂයෙන් මිදී අඟහරු හා බ්‍රහස්පති අතර පිහිටි ග්‍රාහක තිරය බලා ගමන් කරමින් තිබේ. Space X ආයතනයේ බලාපොරොත්තුව අඟහරු වටා කක්ෂගත වීමයි. එය ෆොල්කන් heavy අත්හදාබැලීමේ ම කොටසක් ලෙස හැඳින්විය හැකියි.
අඟහරු බලා ගමන් කරමින් ඇති එම මෝටර් රථයේ මිනිස් අනුරුවක්ද තිබේ. සජීවීව පෘථිවියට ලැබෙන්නට සැලැසූ එම දර්ශනවල පෘථිවිය ගෝලාකාර ස්වභාවය හොඳින් දක්නට ලැබේ.
By : Gihan hapuhetti
Photo Source : Internet
933 Views
Comments