නොදැන කෑවත් කෙසෙල් වල නියම ගුණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

නොදැන කෑවත් කෙසෙල් වල නියම ගුණ

නොදැන කෑවත් කෙසෙල් වල නියම ගුණ

කෙසෙල් කෑමට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් හා කෙසෙල් වලට අකමැති ඔබට එහි ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සිතුවෙමු. ඛනිජ ලවණ හා විටමින් වලින් බහුල වූ කෙසෙල් ඉතාමත්ම ගුණදායකයි. එහි විශේෂිත වූ රසයක් හා සුවඳක් ඇත. මෙම පළතුරෙහි ඇති සෞඛ්‍යමය වාසි බොහෝය. දිනපතා කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීම තුළින් ඔබට අත්වන වාසි පිළිබඳව දැනගන්නට මේ ලිපිය අවසානය වන තෙක් කියවන්න.

 

  •  දියවැඩියාව
  •  මානසික ආතතිය
  •  වකුගඩු පිළිකා
  •  ඔස්ටියෝපොරෝසිස්
  •  අන්ධභාවය
  •  ගර්භණී සමයේ උදෑසන වමනය යෑම

 

යන හේතු කාරණා සමනයට කෙසෙල් උපකාරී වේ. එයට ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වයද වැඩි දියුණු කරවීමටද හැකියාවක් ඇති අතර ඊට අමතරව තවත් වාසි රැසක් තිබේ. කෙසෙල් වල බහුල අන්තර්ගත වන පොටෑසියම් මගින් රක්තහීනතාවයට පිළියමක් ලබා දෙමින් රුධිරය ශක්තිමත් කරවයි. සන්ධි ඉදිමුම නැති කරලීමට සමත් කෙසෙල් වල අඩංගු වන විටමින් B6 මෙන්ම සුදු රුධිරාණු නිශ්පාදනය උත්තේජනය, දෙවන වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකර්ම සේම ස්නායු පද්ධතියෙහි ක්‍රියාකාරිත්වයටද සහය වෙයි. ශරීරයේ ඇති කැල්සියම් ශරීරයෙන් නැතිවීම වැළැක්වීමද තව තවත් කැල්සියම් ශරීරයට අවශෝෂණය වැඩි දියුණු කිරීමටද සමත් වේ. ශරීර ශක්තිය වඩවන්නටද කෙසෙල් වලට හැකියාව ඇත. ඒ නිසා ඔබ ශරීරයෙන් වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට හෝ ව්‍යායාම කිරීමට පෙර කෙසෙල් ගෙඩි දෙකක් ආහාරයට ගන්න.

 

 

වකුගඩු පිළිකා මෙන්ම වකුගඩු වල ගල් ඉවත් කරයි. එසේම ඔබගේ ඇස් පරිහානියට ලක් වීම වැළැක්වීමේ සුවිශේෂී ගුණයද ඇත. විශේෂයෙන්ම ආහාර දිරවීමට මෙන්ම ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු රැසකට පිළියමකි. මල බද්ධය මෙනම බඩවැල් වල චලනයද නිසියාකාරව නියාමනය කිරීමේ හැකියාව ලැබේ. රුධිරයේ සීනි මට්ටම පාලනය, PSM රෝග ලක්ෂණ හා මානෝභාවය වෙනස් කිරීමටද කෙසෙල් ආහාරයට ගැනීමෙන් හැකි වේ.

 

මොළයේ පොටෑසියම් මට්ටම ඉහළ නැංවීම මගින් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරමින් සංජානන හා තර්කානුකූල හැකියාවන් වැඩි දියුණු වේ. හෘදයාබාධ හා ආතති තත්වයන් වළක්වයි. එයට හේතුව කෙසෙල් වල ඇති පොටෑසියම් හා සෝඩියම් බහුල බැවිනි. ට්‍රිප්ටොෆාන් වලින් පොහොසත් කෙසෙල් පරිභෝජනයේදී බවට පත් කරයි. සෙරොටොනින් බවට පත් කරයි. එය ඔබගේ මනෝභාවය නිසියාකාරව හැසිරවීම හා ආතතියට එරෙහිව ප්‍රතිකාර කළ හැකි ප්‍රබල ස්නායු සම්ප්‍රේෂකයකි. ඔබගේ ශරීරයට මෙම සෞඛ්‍යමය වාසීන් අත්පත් කරගැනීමට ඔබත් හැකිතාක් දුරට කෙසෙල් ආහාරයට ගැනීම සිදු කරන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1233 Views

Comments

arrow-up