අමතකව යන පරාග වාහකයන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

අමතකව යන පරාග වාහකයන්

අමතකව යන පරාග වාහකයන්

වන සම්පත විනාශ වීම, දැවැන්ත කෘමිනාශක භාවිතය සහ විසිතුරු මල්පැළ වගාව මීමැස්සන් සහ සමනලුන්ගේ ගහනය අඩු වීමට බලපාන බව සොයාගෙන තියෙනවා. එය පරිසරයේ සමතුලිත භාවයට දැඩු බලපෑම් ඇතිකරන බව පරිසර විශේසඥයන් පවසනවා. වනය විනාශ කරන විට මී මැස්සන්ට සමනලයින්ට ජීවත් වෙන්න පරිසරය නැති වෙනවා. සමනලයින් හැම ගහකම බිත්තර දාන්නේ නැහැ. ඌ කොළ කාලා හැදෙන්නේ. ඒ නිසා ඊට ගැළපෙන ගස්වල පත්‍රවල තමයි බිත්තර දමන්නේ. වනය විනාශ වුණාම එය ලොකු සත්වයන්ට වගේම මීමැස්සන්ට, සමනලයින්ට, කෘමීන්ට බලපානවා. කෘමිනාශක වල්නාශක මෙම සතුන්ගේ ඇගේ තැවරුණාම උන් මැරෙනවා. අනිත් භයානකම කාරණය තමයි විසිතුරු මල් වගාව. මෙය අපේ පරිසරය ආක්‍රමණය කරන්න ආපු විනාශයක්. මේ මල්වල පැණි නැහැ. මල්පැණි බොන්න සමනලයින් මීමැස්සන් එන්නේ නැතිවාම පරාගනයක් සිද්ධ වෙන්නේ නැහැ. පරාගනයක් නැති වුණාම ගෙඩි හට ගන්නේ නැහැ. ගෙඩි නැතිවාම අපිට ආහාර නැතිව යනවා. ගෙඩි නැතිව ගියාම ඇට නැතිව යනවා. ඇට නැතිවුණාම අනාගතයට ගස්වැල් ආහාර ඇතිවන්නේ නැහැ. එහෙම වුණාම අපිට පිරිසිදු වාතය, අපිට පිරිසිදු ජලය අහිමිවෙනවා. මීමැස්සෝ සමනලයෝ නැතිවුණාම මේ හැම දෙයක්ම නැතිවෙලා අපේ රට කාන්තාරයක් වේවි.
 

 

මී මැස්සන් ලෝකයෙන් වඳ වුවහොත් මිනිසාට ජීවත් විය හැක්කේ වසර 4ක් බව ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාඥයා පවසා තියෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා මීමැස්සන්ගෙන් සිදුවන මහගු කාර්ය භාරය වන්නේ පරාගනයයි. සුළගින්, පැණි කුරුල්ලන්ගෙන්, සමනලයින්, සලබයින් හා මීමැස්සන්ගෙන් පරාගනය සිදු වුවද එයින් 90%කින් පරාගන ක්‍රියාවලියට දායක වන්නේ මීමැස්සන්ය. සමනලයින් මල් පැණි බී තවත් මලක් කරා පියඹා යෑමේදී උගේ සිරුරේ තැවරෙන පරග වෙනත් මලක තැවරීමේ ක්‍රියාවලිය සිද්ධ වුවද මීමැස්සන් පරාග රැගෙන යන නිසා පරාගනයට සක්‍රීය දායකත්වය දරන්නේ මීමැස්සන්ය. එමෙන්ම මීමැස්සන්ට පාද 6ක් තිබේ. පිටුපස පාද වල බැකෝ වැනි කොටසක් පිහිටා තිබීමෙන් පරාග රැගෙන යෑමට සෘජු මැදිහත් වීමක් මීමැස්සන්ගෙන් සිදුවේ.
 

 

ලෝකයේ ආහාර බෝගවලින් 35%ක් පරාගනය වෙන්නේ මීමැස්සන්ගෙනි. ස්වාභාවික වෘක්ෂලතාවලින් 80%ක් පරාගනය කරනු ලබන්නේ මීමැස්සන්ය. හැමෝම පරිසරය ගැන කතා කරනවා. පරිසරය රකින පරාග වාහකයෝ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන අවබෝධ කරගෙන නැහැ. පිරිසිදු වාතය ලැබෙන්නේ, ආහාර ලැබෙන්නේ ජලය ලැබෙන්නේ ගස් වැල් නිසා.ගස් වැල් ඉතිරි වෙන්නේ පරාගනය නිසා. මේ දේ තේරුම් නොගෙන අපිට පරිසර සංරක්ෂණය ගැන කතා කරන්න බැහැ. පරාග වාහකයන් රැක ගැනීමට ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍ය වන්නේ මෙවැනි කරුණු මුල් කරගෙනයි.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

1249 Views

Comments

arrow-up