2021 දී ළමුන් මිලියන 10 කට ආසන්න ප්‍රමාණයකට මන්දපෝෂණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

2021 දී ළමුන් මිලියන 10 කට ආසන්න ප්‍රමාණයකට මන්දපෝෂණය

2021 දී ළමුන් මිලියන 10 කට ආසන්න ප්‍රමාණයකට මන්දපෝෂණය

2021 වසරේදී ළමුන් මිලියන 10.4 ක් මන්දපෝෂණයෙන් පීඩා විඳිනු ඇතැයි යුනිසෙෆ් සඳහන් කරයි. කොරෝනා වසංගතය උත්සන්න වී ඇති මේ කාලයේදී දුප්පත් රටවල උග්‍ර ආහාර හිගයක් හා අනාරක්ෂිත භාවයත් නිසා මිලියන ගණනක් ළමයින් මෙසේ දිනපතා මන්දපෝෂණයට ගොදුරු වේ. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඊසානදිග නයිජීරියාව, මධ්‍යම සහෙල්, දකුණු සුඩානය සහ යේමනය යන රටවල ළමුන් මිලියන 10.4 කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් හා සාගතයෙන් මේ වනවිටත් පසුවන බවයි.මේ සියලු රටවල් හෝ කලාපයන් දරුණු අර්බුදයක් අත්විඳින අතරම, ආහාර, අනාරක්‍ෂිත භාවය, මාරාන්තික වසංගතයක් සහ මධ්‍යම සහෙල් හැරුණු විට එහි අවට ප්‍රදේශයන්හී සාගත තත්ත්වයක් ද ඇති වෙමින් පවතින බව” වාර්තාව සකස් කළ යුනිසෙෆ් විසින් තවදුරටත් පවසයි.

 

 

මෙම වසංගතයේ බලපෑම ඉදිරි වසර ගණනාව තුළ දැනෙනු ඇති අතරම, Covid -19 වලින් පීඩාවට පත් රටවල දරිද්‍රතාවය සහ අසමානතාවය උග්‍ර වී ඇත. දැනටමත් යටපත් වී ඇති සමාජ හා සෞඛ්‍ය පද්ධති කෙරෙහි මෙයින් දැවැන්ත පීඩනයක් එල්ල කර ඇති බවත් දැනටමත් පැහැදිලි වෙයි” එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිවාස නොමැති පවුල් වැඩි ප්‍රමාණයක් සිටින අතර බොහෝ දෙනෙකුට ආහාර හා ජලය පිළිබඳ මූලික අවශ්‍යතා පවා දරාගැනීමට හැකියාවක් නොමැත. යථා තත්ත්වයට පත් කිරීමෙහි පදනම යටතේ සහ ඔවුන්ට දෙවන අවස්ථාවක් ලබා දීමෙන් “දරුවන්ගේ සංවර්ධනයට තර්ජනයක් වන මෙම බලපෑම” අවම කිරීම අරමුණු කරගත් යුනිසෙෆ්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව වැඩිදුරටත් මෙම වාර්තාව මගින් අවධාරණය කරයි. කුඩා දරුවන්ව පෝෂණය කිරීම, උපදේශනය, වර්ධන අධීක්ෂණය සහ එන්නත් ලබා දීම සඳහා යුනිසෙෆ් පියවර ගැනීමට මේ වනවිට උත්සාහ කරමින් සිටී. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට විශේෂයෙන්ම මානුෂීය ආධාර අවශ්‍ය වී තිබෙන තත්ත්වයක් උද්ගත වී ඇත.

 

 

වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 3.3 ක් පමණ මෙම වසරේ දී උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. යේමනය සම්බන්ධයෙන් ගත් කල, යුද්ධයෙන් විනාශ වූ රටක් ලෙස ලෝකයේ විශාලතම අර්බුදයක් ලෙස පවතී. දීර්ඝ සිවිල් යුද්ධයක් හේතුවෙන් රටේ ආර්ථික හා සෞඛ්‍ය පද්ධති බිඳ වැටී ඇති අතර ළමුන් මිලියන 12.4 කට මේ වනවිටත් මානුෂීය ආධාර අවශ්‍ය වී ඇති අතර ළමුන් 358,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙති. සෞඛ්‍ය සේවා විසින් ඔවුන්ගේ සීමාවන් ඉක්මවා හෝ යාමට නොහැකි වී ඇත්තේ රටවල් වල පනවා ඇති සංචාරක සීමාවන් නිසාවෙනි. මේ වනවිට වෙළඳපල වෙත ප්‍රවේශ වීම පවා අඩාල වී ඇති හෙයින් වසංගතය නිසා පුද්ගලයන්ට ඉපැයීමේ අවස්ථාද අඩු වී ගොස් ඇත. 2021 දී යුනිසෙෆ් සංවිධානය යේමනයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා වයස අවුරුදු පහට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 289,000 කට වැඩි සංඛ්‍යාවක් වෙත ළඟා වීමට බලාපොරොත්තු වෙයි.

 

 

ජලය, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පද්ධති ස්ථාපිත කිරීමට ද එහි වැඩිදුර සැලසුම් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. මධ්‍යම සහල් කලාපයේ, බුර්කිනා ෆාසෝ, මාලි සහ නයිජර් හි ඇති වූ ගැටුම් වලින් අවතැන් වීම සහ දේශගුණික කම්පන හේතුවෙන් ආහාර අනාරක්ෂිත භාවය වැඩි වී තිබේ. දළ වශයෙන් මිලියන 5.4 ක ජනතාවක් ඉදිරි වර්ෂයේදී ඔවුන්ගේ දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීමට අරගලයන් කරනු ඇත. මෙම රටවල් තුන තුළ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 2.9 ක් තරම් ඉහළ යා හැකි අතර දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන 890,000 ක් ද ඇතුළුවන බව යුනිසෙෆ් විසින් මේ වන විට ඇස්තමේන්තු කර ඇත.

 

 

දකුණු සුඩානය අර්බුදයට ලක්ව ඇති තවත් රටක් වන අතර ළමුන් මිලියන 1.4 ක් 2021 දී මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2013 න් පසු පැවතෙන ඉහළම අගයයි. සාගතයේ අද්දර සිටින ළමුන් 270,000 කට වැඩි පිරිසකට ආහාර සහ විටමින් ඒ වැඩසටහන් සඳහා සහාය ලබා දීමට යුනිසෙෆ් සංවිධානය අපේක්ෂා කරයි. නයිජීරියාවේ සන්නද්ධ ගැටුම් අඛණ්ඩව පවතින ප්‍රදේශයක ළමුන් 800,000 කට වැඩි ප්‍රමාණයක් මේ වසරේ මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1674 Views

Comments

arrow-up