සොබාදහමේ විස්මිත සිරියාව -ලිප්ස්ටික් මල
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

සොබාදහමේ විස්මිත සිරියාව -ලිප්ස්ටික් මල

සොබාදහමේ විස්මිත සිරියාව -ලිප්ස්ටික් මල

කාන්තාවන් භාවිතා කරන තොල් සායම් කූරක පෙනුම ගන්නා ලිප්ස්ටික් මල සොබාදහමේ විස්මිත චමත්කාරය දනවන මල් වර්ගයක්. ලිප්ස්ටික් ශාකය හඳුනා ගත හැක්කේ මාංශලම පත්‍ර සහිතව පහළට කඩා හැලෙන වැලක ආකාරයටයි. මේ දීප්තිමත් පත්‍ර පිරුණු ශාකය වැඩි විසිතුරු බවක් ගන්නේ රතු කහ තැඹිලි පැහැයෙන් ලිප්ස්ටික් මල් හටගැනීමෙන්. මෙම මලේ පැහැය අනුව ලිප්ස්ටික් ශාකයේ වටකුරු පත්‍රයේ ස්වභාවය හැඩයෙන් තරමක් වෙනස් වෙනවා.

ලිප්ස්ටික් ශාකය ප්‍රචාරණය අතු මගින් සිදුකරන්න පුලුවන්. ඒ සඳහා නිරෝගී කුඩා අතු කැබැල්ලක් හොඳටම ප්‍රමාණවත්. මේ අත්ත වැලි කොම්පෝස්ට් සමාන ප්‍රමාණ වලින් ගෙන මිශ්‍රකර සිටුවා ගත හැකි වෙනවා. මෙහිදී මුල් ඇදීම පහසු කරන හෝමෝන භාවිතා කරනවා නම් ප්‍රචාරණය තවත් පහසු වෙනවා. ඒ නිසා ප්‍රාණවත් බව නිරීක්ෂණය කර එසේ නොවන අත්ත පැළවී ඇති බව තීරණය කළ යුත්තේ අලුත් දළු දැමූ විටයි. සති දෙක තුනක් අතරතුර සාමාන්‍යයෙන් සිටවූ අත්තක් අලුතින් දළු දමනවා. මාසයක් ගතවන විට මේ අත්ත ස්ථිර ලෙස බඳුන් ගත කිරීමට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් ලිප්ස්ටික් ශාකයේ පත්‍ර පහසුවෙන් මලානික වෙන්නේ නැහැ.

හතර වටින් පහලට කඩාහැලෙන ලෙස වර්ධනය වන ලිප්ස්ටික් ශාකය සදහා වඩාත් සුදුසු වන්නේ මැටි හෝ ප්ලාස්ටික් එල්ලෙන බදුන්. සාමාන්‍යයෙන් මෙම ශාකයේ පරිනත අත්තක තැනින් තැන මල් හටගන්නවා. ඒ නිසා මේ අතුද මව් ශාකයෙන් වෙන්කර පහසුවෙන්ම පැල කරගන්න පුළුවන්.


ලිප්ස්ටික් ශාකයට තරමක සූර්යයා ලෝකයක් අවශ්‍ය වෙනවා. එහෙත් මෙය කුඩා කාලයේ සෙවණ ප්‍රිය කරන ශාකයක් වෙනවා. ඒ වගේම පස පරීක්ෂාකර බලා පස වියළී ඇත්නම් පමණක් ජලය යෙදීම යෝග්‍ය වෙනවා. ඊට හේතුව වැඩිපුර ජලය සැපයීම මලකඩ රෝගය ඇතිවීමට හේතු වෙන නිසා. ඊට අමතරව ලිප්ස්ටික් ශාකය මුල් කුණුවීමේ රෝගයට ගොදුරු විය හැකියි. පසේ දිලීර නිසා හටගන්නා රෝගය පළමුව මුලින් මතු වෙනවා. අනතුරුව කදේ ඉහලට ගමන් කරනවා. එහිදී කුණුවූ කොටස් කපා ඉවත් කර ඉතිරි ශාකය දිලීර නාශක යෙදූ ජලය ගිල්ලුවා සිටුවා ගැනීමෙන් මේ වගාව ආරක්ෂා කරගන්න පුළුවන්. මෙම ශාකයේ සරුසාර වර්ධනයටත් මල් හොඳින් පිදීමටත් සතියකට වරක් NPK පොහොර යෙදීම සාර්ථක විසඳුමක්. වර්ධනය වූ ශාකයට නම් නිල් කැට හා දම් කැට පොහොර යෙදීමටත් පුළුවන්. ඔබේ ගෙවත්ත හැඩ කරන්නත් මේ ලස්සන ලිප්ස්ටික් මල මල් ගොමුවට එකතු කරගන්න.

 

 

by Dilki Shamani 

Photo Source: Internet

 

views

1777 Views

Comments

arrow-up