ගෙමිදුලේ ලස්සනට ගෙත්තම් කරන ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා

මල් වගාවෙන් විතරක් නෙවෙයි විසිතුරු පත්‍රිකා ශාක වගාවලිනුත් ගෙමිදුලට අලංකාරයක් එක් කර ගන්න පුළුවන්. බදුන්ගත ශාක වශයෙන් බොහෝ දෙනෙක් අලෙවි කරන්නේ හා වගා කරන්නේ තනි හෝ පැළ කිහිපයක් ලෙස වවන ශාක විතරයි. නමුත් බදුන්ගත පැළ කීපයක් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරනවා අඩුයි. එලෙස නිර්මාණාත්මකව වගා කරගන්න පුළුවන් ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා ශාකය පිළිබඳ සටහනක් මේ.
වගා කරන සෑම විසිතුරු පත්‍රිකා ශාකයක්ම මේ වගේ නිර්මාණ සඳහා යොදාගන්න බැහැ. නිර්මාණ සඳහා යොදා ගනු ලබන්නේ ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා කුලයේ ශාක. මෙය lucky plant ලෙසද සැලකෙනවා. මේ ශාකය නිර්මාණාත්මකව සකස් කර ගැනීමට අවශ්‍ය වෙන්නේ
* කොහුබත්
*හවායන් රිබන් යාර දහයක් දොළහක් හෝ හීන් කම්බි
*ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා ගෝල්ඩ් මුල් සහිත අතු කැබලි අවශ්‍ය ප්‍රමාණයට *ප්ලාස්ටික් බඳුනක්
*දිලීර නාශකයක්
සාදන අන්දම සාමාන්‍යයෙන් අඟල් හයක් අටක් පමණ විශ්කම්භයක් සහිත බඳුනක් තෝරා ගන්න. එහි වටේට සැන්ඩ්‍රියානා අතු කැබලි සිටුවා ගත යුතුයි. ඊට දෙකට බෙදෙන සංඛ්‍යාවක දඩු අවශ්‍ය වෙනවා. දඩු කැබලි අඟල් හතරක හයක උසට කැමති උසකින් කපාගන්න පුළුවන්. කපා ගත් දඬු පිරිසිදු ජල භාජනයකට දමා දවස් විසි එකක් තබන්න. දවස් 21 අවසානේ එම දඬු කැබලි වලින් මුල් ඇද තිබෙනවා දැකගන්න ලැබෙනවා. මුල් සහිත දඬු බඳුනේ සිටවීමට යොදාගන්න පුළුවන්.
අවශ්‍ය ප්‍රමාණයේ ප්ලාස්ටික් බඳුනක් ගෙන තෙත සහිත කොහුබත් වලින් පුරවාගන්න. එම තෙත සහිත කොහුබත් දවසක පමණ කාලයක් තබා ඊට පසු මුල් ඇද ඇති සැන්ඩ්‍රියානා කැබලි සිටුවා ගත යුතුයි. බඳුනේ කට මට්ටම තෙක් කොහුබත් පුරවා නොගත යුතුයි. විශේෂයෙන්ම කොහුබත් තද කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ ආකාරයට තද කළ කොහුබත්වල වටේට දඩු කැබලි දෙකක් අතර අඟල් භාගයක පමණ පරතරයක් තබා එක ළඟ හිල් වටේ සාදාගෙන සිටවන්න.
එක ළඟ දඬු කැබලි දෙකක් කතිරයක් ආකාරයට වර්ධනය වන අයුරින් සිටුවා ගන්න. දඬු කැබලි කෙලින් සිටුවීම නොකළ යුතුයි. දඬු කැබලි කතිරයක් ආකාරයට සිටුවා මේ දෙක සම්බන්ධ වන ස්ථානය හවායන් රිබන් වලින් හෝ කම්බිවලින් බැඳ තබන්න. ඒ ආකාරයට දඬු දෙකක් සම්බන්ධ වන සෑම අවස්ථාවකම බැඳගත යුතු වෙනවා. මේ සකස් කරගත් බඳුන සෙවණ සහිත ස්ථානයක තැබීම සුදුසු වෙනවා.
වගාව සඳහා කොහු බත් යොදාගෙන තිබෙන නිසා කිසිම පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහුබත් වියළි තත්ත්වයට පත්වන විට පමණක් ඉවත් ජලය යෙදීම ප්‍රමාණවත් වෙනවා. ශාකය වැඩෙන විට කොළ වර්ධනය වෙනවා. මෝරා වැඩී ඇති පත්‍ර පමණක් ගැලවී යන අයුරින් පහළට කැඩීම කළ යුතුයි. මෙවැනි ශාක යොදා ගෙන අලංකාර නිර්මාණ කර බඳුනක් ඉහල මිලකට අලවි කිරීමේ හැකියාවත් තිබෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1483 Views
Comments