මද පමණ ගත යුතු කෝපි

අපේ රටේ ඈත අතීතයේ සෑම නිවසකම වගේ කොපි ගහක් දෙකක් වගා කෙරුණා. එමඟින් ඔවුන් පානයක් ලෙස මෙන්ම අලෙවි කර අමතර ආදායමක්ද ලැබුවා. ඇමරිකානු විද්‍යාඥයකු වන ගේසර් ඩොරි පවසන්නේ කෝපි වල සුවද ග්‍රහණය කිරීමෙන් අපේ රසාංකුර ප්‍රබෝධමත්වී ආහාර රුචිය වැඩි කිරීමට ඉවහල් වන බවයි. කෝපි පිළිබඳව පරීක්ෂණ කළ බොහෝ විද්වතුන්ගේ අදහස් සලකා බැලීමේදී මෙය ඉතාම හොඳ පානයක්. හෘදයාබාධ පාකින්සන් දියවැඩියාව අක්මාවේ සිරෝසීස් වැනි රෝග ඇති වීමේ අවදානම අඩු කිරීමේ ශක්තිය කෝපි සතුව තියෙනවා. කොහොම නමුත් ගැබිණි මව්වරුන් සහ කුඩාම වයසේ පසුවන දරුවන් හට කෝපි එතරම් ගුණදායක පානයක් නොවේ. එයට හේතුව ඔවුන්ට යකඩ ඌනතා ඉන් ඇති කිරීමයි.
1503 වසරේ අරාබි ජාතිකයන් විසින් කෝපි වගාව මෙරටට හඳුන්වාදී තියෙනවා. 1658 ඕලන්ද ජාතිකයන් විසින් කෝපි වගාව ආරම්භ කළා. කෝපි මලකඩ රෝගයට ඔරොත්තු දෙන ඇරබිකා ප්‍රභේදය සහ දෙමුහුන් වර්ග හඳුන්වාදීමත් සමඟ බොහෝ ප්‍රදේශවල කෝපි වගාව ව්‍යාප්තවී ගියා.
සාමාන්‍යයෙන් මෙම පැළය සිටුවා ඵල හට ගැනීමට වසර දෙකහමාරක් පමණ කාලයක් ගත වෙනවා. ලොව විශාලතම කෝපි නිෂ්පාදකයන් ලෙස සැලකෙන්නේ බ්‍රසීලයයි. ඊට පස්සේ වියට්නාමය කොලොම්බියාව ඉන්දුනීසියාව ඉතියෝපියාව සහ ඉන්දියාව යන රටවල් පෙරමුණේ සිටිනවා. කෝපි වූ රුබියාගේ කුලයට අයත් වෙනවා. මෙහි විශේෂ 60ක් පමණ තියෙනවා. මෙයින් ආර්ථිකමය වශයෙන් වැදගත් කමකින් යුත් විශේෂ වන්නේ කෝපි කොපියා ඇරබිකා කෝපි කොපියා කැනිපෝරා කොපියා ලයිමේරිකා නම් කෝපි විශේෂයි.
කෝපියා ඇරබිකා කෝපි වල හොඳ සුවඳක් පවතින අතර ඉහළ රසයකින් යුක්තයි. එම නිසා වෙළඳපොලේ ඉහළ මිලක් පවතිනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1800 ක් දක්වා උසකට මෙය වගා කළ හැකි. වියළි කෝපි කිලෝග්‍රෑම් එකක් සාදා ගැනීමට සාමාන්‍යයෙන් අමු කෝපි කිලෝ ග්‍රෑම් පහ හයක් පමණ අවශ්‍ය වෙනවා.
ඇතැම් අවස්ථාවන්වලදී කෝපි වැඩිපුර පානය කිරීම බඩ වියළීම වැනි රෝගී තත්ත්වයන්ට හේතු වෙනවා. විශේෂයෙන්ම අප ගන්නා ආහාරවල පෝෂක කොටස් සිරුරට උරා ගැනීමට බාධා පමුණුවන නිසා ආහාර ගැනීමෙන් පසු පැය කිහිපයක් යන තුරු කෝපි පානය නුසුදුසු බව බොහෝ දෙනාගේ මතයයි. මේ නිසා කෝපි වල ගුණදායක බව සහ කෝපි වල අගුණදායක බව දෙකම අඩංගු වෙනවා. නමුත් මෙය තීරණය වන්නේ අපි කෝපි පරිභෝජනය කරන අවස්ථාව සහ කෝපි පරිභෝජනය කරන ප්‍රමාණය මතයි. මේ නිසා කෝපි පානයට ඇබ්බැහි නොවී සිරුරට වුවමනා තරමට කෝපි පානයට පුරුදු වන්න.
by Dilki Shamani
Photo Source: Internet
1178 Views
Comments